එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය සමග කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකාවේ උණ කර්මාන්තය හා ඒ ආශ්රිත නිෂ්පාදන නඟාසිටුවීම පිළිබඳව සම්මන්ත්‍රණයක් පෙරේදා (05 දින) කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී ආරම්භ විය. මෙම වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ වගාවක් ලෙස උණ වගාව ප්‍රචලිත කිරීමටත්, උණ ආශ්රිත නිෂ්පාදන වැඩිදියුණු කිරීමටත් බලාපොරොත්තු වේ. දැනට ඉන්දියාවේ උණ කර්මාන්තය සඳහා දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කරන අතර මෙම වැඩසටහන තුළින් ඉන්දියානු තාක්ෂණය හා දැනුම ශ්‍රී ලංකාවේ උණ කර්මාන්තයටද හඳුන්වාදීම සිදු කරයි. ඒ තුළින් ශ්‍රී ලංකාවේ උණ කර්මාන්තකරුවන්ටද තම කර්මාන්තය සඳහා නව තාක්ෂණය භාවිතා කිරීමට අවස්ථාව උදාවේ.
එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය විසින් (UNIDO) ශ්‍රී ලංකාවේ උණ කර්මාන්තයේ සංවර්ධන කටයුතු සඳහා ඇ. ඩොලර් මිලියන 20 ක් ලබාදී ඇති අතර මෙම ව්‍යාපෘතිය යටතේ හෙක්ටයාර 10000 ක අලුතින් උණ වගාව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. දින 2 ක් පුරා පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට උණ කර්මාන්තයේ යෙදෙන දේශීය ව්‍යාපාරිකයෝ රැසක් සහභාගි වූහ. මෙම සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට සුබ පැතුම් පණිවිඩයක් එක් කරමින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කළේ හරිත අපනයනයන් පිළිබඳව ශ්‍රී ලංකා රජය අවධානය යොමුකර ඇති මෙම වකවානුවේ පරිසර හිතකාමී වගාවක් ලෙස හඳුනගෙන ඇති උණ වගාව දියුණු කිරීමටත් උණ ආශ්රිත කර්මාන්තය නඟාසිටුවීමට තම අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති) අසිත සෙනෙවිරත්න, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ජාතික අධ්යක්ෂ නවාස් රාජාබ්දීන්, ශ්‍රී ලංකාවේ උණ කර්මාන්තය නඟාසිටුවීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ ඇන්ටොනියෝ ලෙවිස්සිනාස් ඇතුළු (UNIDO) හි නිලධාරීහු රැසක් සහභාගි වූහ.
http://www.divaina.com/2011/09/08/news21.html
No comments:
Post a Comment