Thursday, September 1, 2011

පළමු අලි සංරක්‍ෂණ මධ්‍යස්‌ථානය හොරොව්පතානේ

අනුර බාලසූරිය

අලි සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන පිහිටුවීමේ වැඩසටහන යටතේ ඇතිකෙරෙන ප්‍රථම සංරක්‍ෂණ මධ්‍යස්‌ථානය අක්‌කර තුන්දහසක භූමි ප්‍රමාණයක අද (01) හොරොව්පතාන ප්‍රදේශයේදී ආරම්භ කෙරේ.

වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ආරම්භ කෙරෙනු ඇත. ජන ජීවිතයට හානි කෙරෙන මුරණ්‌ඩු අලින්, තනි අලින් වෙනුවෙන් සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන පිහිටුවේ.

අනෙක්‌ අලි සංරක්‍ෂණ මධ්‍යස්‌ථාන දෙක මාදුරුවාඔය හා වෙහෙරගල ප්‍රදේශවල පිහිටුවීමට සැලසුම්කර තිබේ.

මෙම මධ්‍යස්‌ථානවලට ගෙනවිත් දමන අලින් පිටතට යැම වැළැක්‌වීම සඳහා විදුලි වැටවල් යොදන අතර එම අලි ඇතුන්ට අවශ්‍ය තෘණ වර්ග ඒ තුළ වගාකෙරෙනු ඇත.

මෙයට අමතරව අලි ඇතුන් නැරඹීම සඳහා නැරඹුම් ස්‌ථානද පිහිටවනු ලබයි. එමගින් ලැබෙන ආදායම මෙම අලි ඇතුන් වෙනුවෙන් වැය කෙරේ.


http://www.divaina.com/2011/09/01/provin02.html

No comments:

Post a Comment