Tuesday, September 6, 2011

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී පරිසරය වනසන්නන්ට වැඩ වරදී

අසේල කුරුළුවංශ

පරිසර දූෂණයක් ඇතිවන සේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවන්නන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (මැතිවරණ) ගාමිණි නවරත්න මහතා මැතිවරණය පැවැත්වෙන බල ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පරිසරය සුරකිමින් ප්‍රචණ්ඩත්වයෙන් තොරව මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම සම්බන්ධව කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු මගින් අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පොලිසිය ආරම්භ කර ඇත.


http://www.dinamina.lk/2011/09/06/_art.asp?fn=n1109063

No comments:

Post a Comment