හේමන්ත රන්දුණු
කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල කහඉරි භාවිත නොකර පාර මාරුවන මගීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසයි.
පදිකයන් කහඉර භාවිත නොකර මාර්ගය හරහා මාරුවීම නිසා සිදුවන අනතුරු දිනෙන් දිනම ඉහළ යැම නිසා මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
එමෙන්ම පදිකයන් පාර මාරු වීමට කහ ඉර භාවිත නොකිරීම නිසා කොළඹ නගරයේ වාහන තදබදයද ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබෙන බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම නීතිය කඩකරන පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පොලිසිය කියා සිටියි.
මේ හේතුව නිසා මින් ඉදිරියට කොළඹ නගරයේ ප්‍රධාන පාරවල් හරහා මාරුවීම සඳහා කහ ඉරි යොදා ගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම නීතිය කඩ කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල යොදවා ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කියා සිටියි.
http://www.divaina.com/2011/09/02/news06.html
No comments:
Post a Comment