නෑබඩ - බන්දුල ප්‍රේමරත්න
ලෝක ආර්ථික අවපාතය හේතු කොට ගෙන මීට මාස හතරකට පමණ පෙර සිට රබර් මිල පහත වැටීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව රබර් නිෂ්පාදකයෝ ප්‍රකාශ කරති.
මෙම තත්ත්වය නිසා රබර් කර්මාන්තයේ පාරම්පරික නිෂ්පාදනය වන දුම් ගැසූ දාර රබර් රොටි නිෂ්පාදනය කරන කුඩා රබර් වතු හිමියන් මහත් අසීරුතාවකට පත්ව ඇතැයිද වාර්තා වේ.
ස්වාභාවික රබර් භාවිත කරමින් නිපදවන විවිධ භාණ්ඩවල මිල ගණන් දිනෙන් දින ඉහළ යන මුත් දුම් ගැසූ දාර රබර් රොටි සඳහා ලැබෙන මිල රුපියල් 650 සිට 450 දක්වා මේ වන විට පහළ බැස ඇති බව වාර්තාවන අතර එබැවින්ම දුම් ගැසූ දාර රබර් රොටි නිෂ්පාදනය ක්‍රමිකව අඩුවෙමින් පවතින බවත්, මතු වී ඇති අයහපත් තත්ත්වය යහපත් කර ගැනීමට රාජ්‍ය අනුග්‍රහය වැඩි වශයෙන් අවශ්‍ය වී ඇති බවත් රබර් නිෂ්පාදකයෝ වැඩිදුරටත් ප්‍රකාශ කරති.
http://www.divaina.com/2011/09/02/news17.html
No comments:
Post a Comment