Saturday, January 21, 2012

මහනුවර අඩු බර පාන් අලෙවි කළොත් දඩ

මහනුවර විශේෂ – ආරියවංශ ජයවිර

මහනුවර නගරයේ බේකරිවල විදුලි බලයෙන් නිෂ්පාදනය කරන, නියමිත බර ප්‍රමාණය ඇති අමු පාන් ගෙඩියට සහ නගරයෙන් පිට බේකරිවල පැරැණි ක්‍රමයට දරවලින් නිෂ්පාදනය කරන නියමිත බර ප්‍රමාණයට වඩා අඩු තැටි පාන් ගෙඩියට මැදිවූ මිල පාලන නිලධාරීන් මහත් ගැටලුවකට මුහුණ දී ඇත. තැටි පාන් ගෙඩිය හොඳට කර වී ඇති නිසා පාරිභෝගික ජනතාව එම පාන් කෑමට පි‍්‍රය කරයි.

එහෙත් ගුණාත්මක භාවය සහ රසය කෙසේ වෙතත් පාන් ගෙඩියේ නියමිත බර ප්‍රමාණය ග්‍රෑම් 450 ට අඩු නම් බේකරි හිමියන්ට විරුද්ධව නඩු පවරා රුපියල් 2500 දඩයක් නියම කෙරේ. පාරිභෝගික ජනතාවට සහ මිල පාලන නිලධාරීන්ට ප්‍රශ්නයක් වී ඇති මෙම පාන් ගැටලුව පිළිබඳ බලධාරීන් යම් සැලැසුමක් කළ යුතු බව මිල පාලන නිලධාරීන්ගේ මතයයි.


http://www.dinamina.lk/2012/01/21/_art.asp?fn=r1201219

No comments:

Post a Comment