2011 වසරේ බැංකුවලින් රු. කෝටි 28544 ක් තෙල් සංස්ථාවට ණය ලබාගෙන තිබෙනවා- ඇමැති සුසිල් ප්‍රේමජයන්ත කියයි
අජිත් අලහකෝන් - අකිත පෙරේරා
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2011 වසරේදී බැංකුවලින් රුපියල් කෝටි විසිඅටදහස් පන්සිය විසිහතරක් (28,524) ණය වශයෙන් ලබාගෙන ඇතැයි ඛණිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙරේදා (19 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක දැක්වේ.
ඛණිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට සහ තෙල් ටැංකි සංකීර්ණය ඉදිකිරීම සඳහා මෙම ණය මුදල ලබාගෙන ඇතැයි ද එම ලේඛනයේ සඳහන් වේ.
මෙම ලබාගත් මුදලින් පසුගිය දෙසැම්බර් 31 දින වන විට රුපියල් කෝටි දාහතර දහස් පන්සිය හතළිස් හතරක් (14544.00) ගෙවීමට තිබූ බව ද අදාළ ලේඛනයේ දැක්වේ.
ඒ අනුව සියයට 14 ක පොලී අනුපාතයක් යටතේ ආසියානු සංවර්ධන බැංකුවට රුපියල් කෝටි හැත්තෑ දෙකක් ලන්ඩන් අන්තර් බැංකු පොලී අනුපාතිකය සමඟ සියයට දශම පහක අනුපාතිකයක් යටතේ එක්සිම් බෑන්ක් ඔµa ඉන්දියා වෙත රුපියල් කෝටි එකසිය විසිහතක්, සියයට 10.75 ක පොලී අනුපාතිකයක් යටතේ ලංකා බැංකුවට රුපියල් කෝටි දෙදහස් පන්සියයක්, ලන්ඩන් අන්තර් බැංකු පොලී අනුපාතිකය සමඟ සියයට හයක පොලී අනුපාතිකයක් යටතේ ලංකා බැංකුවට විදේශ විනිමය ණය ලෙස රුපියල් කෝටි අටදහස් එකසිය හතළිහක් සහ මහජන බැංකුවට රුපියල් කෝටි තුන්දහස් හත්සිය හතරක් ගෙවීමට තිබෙන බව ද එහි දැක්වේ.
කුරුණෑගල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ පැනයකට අදාළ පිළිතුරු ලෙස මෙම ලේඛනය සභාගත කෙරිණි.
http://www.divaina.com/2012/01/21/news18.html
CPC obtained Rs 285.238 bn in loans last year
By Saman Indrajith
The Ceylon Petroleum Corporation obtained loans amounting to Rs 285,238 million during the last year, a document tabled in Parliament said on Thursday.
The document tabled by Petroleum Industries Minister Susil Premjayantha, in response to a question raised by UNP Kurunegala District MP Dayasiri Jayasekera, said those loans had been obtained for the purposes of constructing a petroleum products storage tank complex and for import of petroleum products.
Of these loans, a sum of Rs 145,441.6 million was the outstanding amount as at December 31, 2011, the document said. Accordingly the outstanding amounts stood as Rs 721.6 million to the Asian Development Bank at an interest rate of 14 percent, Rs 1,272 million to Exim Bank of India at an interest rate of .05 percent plus London Interbank Offered Rate (LIBOR), Rs 25,000 million to Bank of Ceylon at an interest rate of 10.75 percent, Rs 81,404 million to Bank of Ceylon’s Foreign Exchange Loans at an interest rate of 6 percent plus LIBOR and Rs 37,044 million at an interest rate of 6 percent plus LIBOR.
http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=43579
No comments:
Post a Comment