අත්අඩංගුවට
මිනිස් ආහාරයට නුසුදුසු තුනපහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් සහ කහ කුඩු තොගයක් කොළඹ අවට ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික අධිකාරිය ඊයේ
(20 වැනිදා) සමත් විය.
සංඝරාජ මාවත, හුණුපිටිය සහ වත්තල යන ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී මෙම ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
මෙම වැටලීමෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු තුනපහ, මිරිස්, ගම්මිරිස් සහ කහකුඩු කිලෝග්‍රෑම් 25 බැගින්වූ උර 51 ක් ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම ද්‍රව්‍ය වත්තල උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඒවා විනාශකර දමන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කර ඇත.
සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පාරිභෝගික අධිකාරිය මෙම වැටලීම සිදුකරන ලදී.
http://www.divaina.com/2012/01/21/news25.html
No comments:
Post a Comment