ශිරාන් රණසිංහ
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන කටයුතු ඇරැඹිය හැකි දිනය තවමත් නිශ්චිතව කීමට නොහැකි යෑයි නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ඉංජිනේරුවරු පවසති.
පසුගිය ජනවාරි 21 වැනිදා සවස බලාගාරයේ ඇති වූ දොaෂයක් නිසා විදුලි උත්පාදනය නතර කළ අතර මේ වන විට එහි ඇතැම් කොටස් ගලවා අලුතින් කොටස් සවි කරන බව විදුලි ඉංජිනේරුවරු "දිවයින"ට පැවසූහ.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වරින් වර අක්රිය වීම හා ගිනි ගැනීම පිළිබඳ සොයා බලා වහාම වාර්තාවක් ලබා ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටද ලංකා විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
මේ වන විට පළමු අදියර පමණක් නිමව තිබෙන නෝරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ දෙවැනි සහ තුන්වැනි අදියර නිමවූ පසුවත් මෙලෙස බලාගාරය අක්රිය වී ගිනි ගන්නේද යන්නත් ඊට ලබාගත හැකි විසඳුම කුමක්ද යන්නත් සෙවීම මෙම කමිටුවට පැවරී ඇති වගකීමය.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාර පද්ධතිය පාවිච්චියට ගත් පරණ පද්ධතියක් යෑයි චෝදනා නැඟී ඇති අතර ගල් අඟුරු ගොඩ බෑමට සකස් කළ ජැටියද ප්රමාණවත් නැතැයි ඇතැම් ඉංජිනේරුවරු පෙන්වා දෙති.
දැනට මෙගාවොට් තුන්සියයක විදුලි බලයක් පමණක් නිපදවන බලාගාරයේ දෙවැනි සහ තුන්වැනි අදියර යටතේ තවත් මෙගාවොට් හයසියයක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතය. මෙම බලාගාරයේ ඇති වන දොaෂයෙන් පසු පද්ධතිය සිසිල් වීමට දින පහළොවක් ගත වීමද බරපතළ ප්රශ්නයක් වී ඇති අතර සිසිල් වන තුරු පද්ධතියේ දොaෂය පවා හඳුනාගත නොහැකි බවද ඉංජිනේරුවරු පවසති.
බලාගාරය පිළිබඳ දේශීය ඉංජිනේරු දැනුමද ප්රමාණවත් නොවන අතර චීන ඉංජිනේරුවන්ගේ විශේෂඥ දැනුම යටතේ අලුත්වැඩියා කටයුතු සිදු වේ.
http://www.divaina.com/2012/02/06/news15.html
No comments:
Post a Comment