Thursday, February 2, 2012

ඉතිහාසයේ වැඩිම ළමා අපයෝජන ඉකුත් වසරේ

දූෂණ 1085: ලිංගික අපචාර 1503

ළමුන් 1085 දෙනෙක් 2011 වසරේදී දූෂණය වී තිබෙන බවත් තවත් ළමුන් 1503 දෙනෙක් ලිංගික අපචාර සහ බරපතළ ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බවත් ‍පොලිස් තොරතුරු මගින් ලක්බිමට අනාවරණය විය.බරපතළ ළමා ලිංගික අපයෝජන 758ක්ද, ළමා ලිංගික අපචාර 745ක්ද ඒ අතර ඇතැයි එම තොරතුරු මගින් හෙළි විය. ඊට අමතරව ‍ලේ ඥාතීන් අතින් අපයෝජනයට ලක්වූ ළමුන් 09 දෙනකුද සිටියි.

එම වසර තුළ ළමුන් ඝාතනය කිරීම් 22ක්ද, ළමයි පැහැරගැනීම් 54ක්ද, ළමුන් ඝාතනයට තැත්කිරීම් 10ක්ද, ළමුන්ට පහරදීම් 247ක්ද, ළමුන්ට බරපතළ තුවාල කිරීම් 45ක්ද, ඇතැයි ‍පොලිස් තොරතුරු අනාවරණය කරයි.

පෙර වසරවලට වඩා ළමා අපරාධවල වර්ධනයක් ඒ අනුව 2011 වසර තුළ සිදුවී ඇතැයි පෙනී යන්නේ යැයි ඒ සම්බන්ධයෙන් විමසීමේදී උසස් ‍පොලිස් නිල-ධාරියෙක් ලක්බිමට කීය.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1371:2012-02-01-19-53-18&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment