Monday, February 13, 2012

Petroleum Corporation issues (2 issues)

තෙල් සංස්ථාවට රාජ්‍ය හා අනෙකුත් සමාගම්වලින් කෝටි 477ක් අයවිය යුතුයි

සහන මිලට ඉන්ධන ලබාදීමෙන් පසුගිය වසර තුළ රාජ්‍ය හා අනෙකුත් සමාගම්වලින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 477ක පමණ මුදලක් අයවිය යුතුව ඇතැයි එම සංස්ථා ආරංචිමාර්ග අනාවරණය කළේය.ඒ අනුව කෙරවළපිටිය යුගදනව් බලාගාරයට අයත් වෙස්ට්කොස්ට් සමාගමෙන් රුපියල් මිලියන 4700ක පමණ මුදලක් සහ ශ්‍රී ලංකා එයාර් ලයින් සමාගමෙන් රුපියල් මිලියන 14700ට අධික මුදලක් අයවිය යුතුව ඇත.
ලංකා විදුලිබල මණ්ඩලයෙන් මෙලෙස අයවිය යුතු මුදල රුපියල් මිලියන 12000ට අධික වන අතර ත්‍රිවිධ හමුදාවෙන් සහ ‍පොලිසියෙන් රුපියල් මිලියන 9800ක අධික මුදලක් අයවිය යුතුව ඇතැයි එම ආරංචිමාර්ග අනාවරණය කළේය.
ඊට අමතරව මාර්ග සංවර්ධන අධිකාරියෙන් රුපියල් මිලියන 570ක මුදලක්, මගනැගුම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 240 ආසන්න මුදලක්, මිහින්ලංකා සමාගමෙන් රුපියල් මිලියන 1300ට අධික ප්‍රමාණයක්, ලංකා ගමනාගමන මණ්ඩලයෙන් රුපියල් මිලියන 105 පමණ සහ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් රුපියල් මිලියන 3790ක පමණ මුදලක්ද මෙලෙස අයවිය යුතුව ඇතැයි සංස්ථා ආරංචි මාර්ග අනාවරණය කරයි.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1682:-------477--&catid=82:us-politics&Itemid=457


තෙල් සංස්‌ථා සේවකයන් තුන්දහසකට මාසයකට කෝටි 4 ක්‌ අතිකාල ගෙවයි

ශිරාන් රණසිංහ

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ (සී. පී. සී.) ආයතනයේ සේවකයන් තුන්දහසක පමණ පිරිසකට මාසයකට ගෙවන අතිකාල මුදල රුපියල් කෝටි හතරකට ආසන්න බව සංස්‌ථාවේ මුදල් අංශයේ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

පසුගිය 2011 නොවැම්බර් මාසයේදී පමණක්‌ රු.39,860,242.72 ක මුදලක්‌ අතිකාල වශයෙන් සේවකයන් ලබාගත් බවද එම නිලධාරියා කීවේය.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ (සී. පී. සී.) මේ වනවිට අතිරික්‌ත සේවක පිරිසක්‌ සිටියද මෙතරම් විශාල මුදලක්‌ අතිකාල වශයෙන් ගෙවීමට සිදුවීම අපරාධයක්‌ බව හෙතෙම පෙන්වා දුන්නේය.

තෙල් සංස්‌ථාවේ මුදල් අංශයේ සේවය කරන එක්‌ ලිපිකරුවකුට පසුගිය වසරේ ජනවාරි සිට ජුලි මාසය වනවිට අතිකාල ලෙස රුපියල් දෙලක්‍ෂ තිස්‌නවදහස්‌ පන්සිය පනස්‌ එකක්‌ ගෙවා ඇතැයිද එම නිලධාරියා කීවේය.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ ඇතැම් අංශවල විශාල අතිරික්‌ත සේවක පිරිසක්‌ සිටියද ඒ සියලු දෙනාටම අතිකාල හිමිවන්නේ කෙලෙසද යන්න සොයා බලා, ඉන්ධන මිලට කිසියම් හෝ සාධාරණයක්‌ ඉටු කිරීමට උසස්‌ නිලධාරීන් උත්සාහ කළ යුතුව ඇතැයිද එම නිලධාරියා පැවැසීය.


http://www.divaina.com/2012/02/13/news05.html

No comments:

Post a Comment