මාස තුනක සමෘද්ධි හිඟ මුදල් මාර්තු මාසයේදී එකවර - ලක්ෂ්මන් යාපා අබේවර්ධන
මිහිරි ෆොන්සේකා/සංජය නල්ලපෙරුම
මාස තුනක් පුරා ගෙවා නැති සමෘද්ධි හිඟ දීමනාව මාර්තු මාසයේදී එක්වරම ගෙවන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය. මේ වන විට දිවයින පුරා සමෘද්ධි සහනාධාරය ලබන පවුල් පහළොස් ලක්ෂ හැත්තෑ හතර දහස් හයසිය පහළොවක් සිටින බවත් 2010 දී රුපියල් මිලියන 9300ක් සමෘද්ධි දීමනාව ලෙස ගෙවා නැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. දිවයින පුරා සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරීන් දාහත්දහස් අටසිය තිස් නව දෙනා සේවයේ ස්ථිර කර ඔවුන්ට විශ්‍රාම වැටුප් දීමට අවශ්‍ය වන නීති ඉදිරි මාසය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය. දිවි නැගුම දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසුව සමෘද්ධි නිලධාරීන් එම දෙපාර්තමේන්තුව යටතට ගන්නා බවද නියෝජ්‍ය ඇමතිවරයා කීය.
ඉකුත් තෙමස් සමෘද්ධි දීමනාව නොගෙවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ස්ථිර කිරීමේ ලිපි ගොනු මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාගෙ මේසය මත තවමත් තිබෙන බවත් එම යෝජනා හමස්පෙට්ටියට නොදමන්නැයි සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කළේය.
සමෘද්ධි නිලධාරීන් අනිවාර්යයෙන්ම ස්ථිර කරන බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේය.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1609:ustyrtdgfh&catid=81:europe&Itemid=457
සමෘද්ධි අරමුදලට වැඩිපුර මිලියන 3000ක්
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙනිය, සුභාෂිනී සේනානායක
සමෘද්ධි අරමුදලට වෙන්කරන මුදල් ප්‍රමාණය මෙම වසරේදී රුපියල් ලක්‍ෂ තිස්දහසකින් වැඩිකර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය. සමෘද්ධිලාභි පවුල් වෙනුවෙන් ලබාදෙන සමෘද්ධි කූපනයට අමතරව ප්‍රතිලාභ රැසක් හිමිවන අතර සමෘද්ධි දීමනාව ලෙස ලබාදෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීමටත් මෙවර අයවැය මඟින් යෝජනා වූ බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
සමෘද්ධි සහනාධාරය ලබාදීම සඳහා ගතවූ 2010 වසරේදී රුපියල් ලක්‍ෂ අනූතුන්දහසක් වැයකර ඇති අතර මේ මුදල් ලබාදී ඇත්තේ සමෘද්ධිලාභී පවුල් පහළොස් ලක්ෂ හැත්තෑ හතර දහස් හයසිය හැත්තෑපහක් වෙනුවෙන් බවත් ඇමැතිවරයා සඳහන් කළේය. සමෘද්ධි දීමනාව ලබා නොදුන් පසුගිය මාස තුනේම දීමනාව මාර්තු මාසයේ දී ලබාදීමට පියවර ගන්නා බවත් මේ පිළිබඳව සමෘද්ධි නිලධාරින් හා ප්‍රතිලාභින් දැනුවත් කර ඇති බවත් ඇමැතිවරයා කීය.
මෘද්ධි නිලධාරීන් විශ්‍රාමලාභීන් බවට පත්කිරීම සඳහා දිවි නැඟුම දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන බවත් දිවි නැඟුම දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා මේ බව සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස මහතා මතු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
http://www.dinamina.lk/2012/02/11/_art.asp?fn=n12021114
No comments:
Post a Comment