Friday, March 16, 2012

සියලූම ඉංජිනේරුවන්ට රු. 15,000 ක දීමනාවක්‌

නිලන්ත මදුරාවල

ඉංජිනේරු සේවයට අයත් සියල්ලන්ට පසුගිය ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 15,000 ක දීමනාවක්‌ ගෙවන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතා පළාත් බලධාරීන්ට චක්‍රලේඛයක්‌ මගින් දන්වා ඇත.

පසුගිය අයවැය යෝජනා අනුව මෙම දීමනාව ගෙවන බවද එහි සඳහන්ව තිබේ.

මෙම චක්‍රලේඛයට අනුව ඉංජිනේරු සේවයට අයත් සියලුම ඉංජිනේරුවන්ට දීමනාව හිමි වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි.


http://www.divaina.com/2012/03/16/news15.html

No comments:

Post a Comment