ශිරාන් රණසිංහ
බාල පෙට්‍රල් භාවිත කර හානියට පත් වාහන 1,888 කට රුපියල් මිලියන 28.7 ක වන්දි මුදලක් ගෙවා අවසන් කළ බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව සඳහන් කරයි.
වන්දි මුදල් ඉල්ලා වාහන හිමිකරුවන් තුන්දහස් තුන්සිය දෙදෙනකු වන්දි කමිටුව වෙත පැමිණිලි කර තිබූ අතර වැඩිම පැමිණිලි ගණන වන පැමිණිලි දෙදහස් දෙසීය අනූඅටක්‌ම මෝටර් රථ හිමිකරුවන්ගේ පැමිණිලිය.
මෙම සම්පූර්ණ පැමිණිලි 3,302 න් පැමිණිලි 1,414 ක වන්දි ලැබීමට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති අතර විශේෂයෙන්ම වාහනයේ හිමිකම තහවුරු කිරීමට නොහැකි වීම සුලබම නුසුදුසුකම වී තිබුණු බව සංස්‌ථාව සඳහන් කරයි.
ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ අධ්‍යක්‍ෂිකා, නීතිඥ චම්පිකා අමරසේකර මහත්මිය වන්දි කමිටුවේ සභාපතිත්වය දරා ඇති අතර අලෙවි කළමනාකරු (සිල්ලර) චමින්ද සමරකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ වන්දි ගෙවීම් සිදුව ඇත.
මේ වන විට වන්දි අහිමි වූ වාහන හිමියන් විසිපස් දෙනකුගෙන් අභියාචනා ලැබී ඇති අතර අප්‍රේල් මස 15 වැනිදාට පෙර එම අභියාචනා සලකා බැලීම අවසන් කිරීමට නියමිත බවද සංස්‌ථාව සඳහන් කර සිටී.
යතුරුපැදි හා ත්‍රිරෝද රථවලට රුපියල් පහළොස් දහසක උපරිම මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇති අතර මෝටර් රථ හා අනෙකුත් වාහන සඳහා රුපියල් පනස්‌දහසක් දක්‌වා උපරිමයකට යටත්ව වන්දි ගෙවා ඇත.
http://www.divaina.com/2012/03/20/news21.html
No comments:
Post a Comment