Friday, March 2, 2012

බඹර ප්‍රහාරයකින් බගවන්තලාවේ කාන්තාවෝ 53 ක්‌ රෝහලේ

මස්‌කෙළිය - ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

බගවන්තලාව කර්කස්‌හෝල් තේ වත්තේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් 53 දෙනකු ඊයේ (01) පෙරවරුවේ බඹර ප්‍රහාරයකට ලක්‌වීමෙන් එම කාන්තාවන් පිරිස බගවන්තලාව දිසා රෝහලට ඇතුළත් කර ඇත.

රෝහලට ඇතුළත් කරනු ලැබූ කාන්තාවන්ගෙන් 40 දෙනකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන පිටව ගිය බවත් 13 දෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් පවසන බගවන්තලාව දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඩී. ඒ. එච්. ජයසූරිය මහතා නේවාසික රෝගීන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් කියා සිටී.


http://www.divaina.com/2012/03/02/news09.html

No comments:

Post a Comment