ශිරාන් රණසිංහ
මාළු අස්වැන්න ඊයේ (29 වැනිදා) වාර්තාගත ලෙස ඉහළ ගොස් සාධාරණ මිල ගණන් සටහන් වූ බව පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ කළමනාකරු මංජුල ජයමාන්න මහතා "දිවයින" ට පැවැසීය.
කෙළවල්ලා, කෙන්දා, පරව්, කොප්පරා, සාලයා, කුම්බලා, ලින්නා, හුරුල්ලා, ඉස්සා (මධ්‍යම), සූඩයා යන මාළු කිලෝවක මිල ගණන් වෙනදාට වඩා රුපියල් පනහත් විස්සත් අතර මිල ගණන් වලින් අඩුවීම කැපී පෙනුන බව ද ඒ මහතා කීවේය.
දකුණු මුහුදු තීරයෙන් ඇල්ලූ මසුන් ප්‍රමාණය ඉහළ යැම මීට හේතු වූ බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
මත්ස්‍ය අස්වැන්න විශාල ලෙස වැඩිවී ඇති බව දැනගත් වහාම ධීවර සංස්ථා සභාපති මහීල් ජී. සේනාරත්න මහතාට දන්වා අවශ්‍ය උපදෙස් ලබාගත් බවත් ඒ අනුව ධීවරයන්ට හා පාරිභෝගිකයන්ට මෙන්ම මාළු වෙළෙඳුන්ට ද අසාධාරණ නොවන පරිදි තරගකාරී ලෙස මාළු මිල වෙනදා මෙන් තීරණය කිරීමට ඉඩ හැරි බවත් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කළමනාකරු මංජුල ජයමාන්න මහතා කීවේය.
හලාවත හා කල්පිටිය ප්‍රදේශයෙන් ලැබෙන සූඩයා සහ සාලයා අස්වැන්න ඉහළ ගොස් ඇත.
මෙම තත්ත්වය යටතේ ඉදිරි දිනවලත් මත්ස්‍ය අස්වැන්නෙ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවටද ඒ මහතා විශ්වාසය පළ කළේය.
http://www.divaina.com/2012/03/01/news20.html
No comments:
Post a Comment