Thursday, March 1, 2012

තම්මැන්නාවේ මැණික්‌ කතරගම නිල් නම ලබයි

සිරිමන්ත රත්නසේකර

කතරගම තම්මැන්නා ප්‍රදේශයේදී අහුඹු ලෙස හමුවූ දුර්ලභ මැණික්‌ සඳහා "කතරගම නිල්" යන නාමය යෙදීමට තීරණ කළ බව ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ විධායක අධ්‍යක්‍ෂ ප්‍රසාද් ගල්හේන මහතා ඊයේ (29 වැනිදා) "දිවයින" ට පැවැසීය.

ඒ සඳහා වන නීතිමය කටයුතු මේ වනවිට සිදුකෙරෙන බවත් සඳහන් කළ ප්‍රසාද් ගල්හේන මහතා ඉදිරියේදී "කතරගම නිල්" මැණික්‌ නාමය සඳහා වන පේටන්ට්‌ අයිතිය ලැබෙනු ඇති බවත් කීවේය.

මෙවැනි දුර්ලභ මැණික්‌ සඳහා විශේෂිත නාම යෙදීම ලෝකයේ සිදුවන බවත් ඉදිරියේදී "කතරගම නිල්" නාමය ජාතික හා අන්තර් ජාතික වශයෙන් ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් ප්‍රසාද් ගල්හේන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


http://www.divaina.com/2012/03/01/provin05.html

No comments:

Post a Comment