Saturday, February 11, 2012

ඩොලර් මිලියන 200ක ණයක් පකිස්තානයෙන් ගන්න කැබිනට් අනුමැතිය

සිතාරා සේනානි චන්දිමා එදිරිමාන්න

පකිස්තාන් රාජ්‍ය බැංකුව හරහා අමෙරිකානු ඩොලර් මිලියන 200 ක අපනයන ණය පහසුකම් ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවකට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙසේ ලබා ගන්නා මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 150 ක මුදලක් කොළඹ අග නගරයේ සහ තදාසන්න ප්‍රදේශයන්හි ජීවත්වන පැල්පත්වාසීන් සඳහා නිවාස ඒකක ඉදිකිරීම වෙනුවෙන් යෙදවේ. ඉතිරිය පශු සම්පත් හා යන්ත්‍රෝපකරණ ආනයනය කිරීමට යොදා ගැනේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පකිස්තාන නිල සංචාරයේදී එරට රජය සමඟ මේ ණය ගිවිසුම් අස්සන් කිරීමටද තීරණය කර තිබේ.


http://www.dinamina.lk/2012/02/11/_art.asp?fn=n12021116

No comments:

Post a Comment