Saturday, February 11, 2012

මාතර පාසල් වාහන පරීක්ෂා කරද්දී රියැදුරෝ 9ක් රථ මඟ දමා පලා ගිහින්

මාතර සමූහ ඩබ්ලිව්. පී. ධර්මසේන

මාතර සහකාර මෝටර් රථ කොමසාරිස්වරයා පාසල් වාහන පරීක්ෂා කරන අතරවාරයේ රියදුරන් නව දෙනෙකු රථවාහන දමා පලායාමේ සිද්ධියක් වාර්තාවේ. එම වාහන දකුණු පළාත් මාර්ග සංචාරක ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහින්ද කල්දේරා මහතා විසින් අත්අඩංගුවට ගෙන සහකාර මෝටර් රථ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර ඇත. එම වාහන පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමට නුසුදුසු ඒවා බව තීරණය කොට වාහන අලුත්වැඩියා කර පෙන්වනතෙක් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම තහනම් කර ඇත.

මෙම වාහනවල ටයර් ගෙවීම, බොඩිය දිරාපත් වී තිබීම සංඥා විදුලි පහන් නොතිබීම, නළාව නැතිවීම, බ්‍රේක් නැතිවීම, ආසන අබලන්ව පැවතීම, පරිසර හානි දුම් නිකුත්වීම යන අඩුපාඩු පැවති නිසා ඒවා අලුත්වැඩියා කොට නැවත පෙන්වා යෝග්‍යතා සහතිකයක් නිකුත් කරන තෙක් පාසල් ළමුන් ප්‍රවාහනය තහනම් කර ඇත. මාතර සහකාර රථවාහන කොමසාරිස් එම්. කෝදාගොඩ මහතා විසින් 2012.01.31 වන දින පාසල් වාහන පරීක්ෂා කිරීමට යාමේදී මෙම රියදුරන් වාහනවල දොරවල් අගුළු දමා පලා යාම නිසා සිද්ධිය පොලිසියට දැන්වීමෙන් පසුව වාහන අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුමිත් එදිරිසිංහ මහතාගේ නියමයෙන් දකුණු පළාත් මහාමාර්ග සංචාරක ඒකකයේ ස්ථානාධිපති මහින්ද කල්දේරා, පො.සැ. ගාමිණී, පො.කො. ගුණසේකර යන මහත්වරු මෙම වැටලීම සිදු කළහ.


http://www.dinamina.lk/2012/02/11/_art.asp?fn=n1202119

No comments:

Post a Comment