* අඩු ශ්‍රමයකින් කජු සැකසීමේ ක්‍රමවේද සැකසේ
ගම්පහ සංචාරක – නිමල් ජයසිංහ
දේශීය කජු නිෂ්පාදකයින් මුහුණපාන ගැටලු හඳුනාගෙන, ඔවුන් සමඟ සාකච්ඡා කොට සහන සැලසීමට කටයුතු කරනවා යැයි අතිරේක වැවිලි භෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.අමාත්‍යවරයා එසේ පැවසුවේ මාකේවිට කළුවැල්ගොඩ කජු පිරිපහදු මධ්‍යස්ථානය සහ නැදගමුව, බටපොත, කජුමද නිෂ්පාදන ආයතන ද නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ දීය.

අතිරේක වැවිලි භෝග ප්‍රවර්ධන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා මාකේවිට කළුවැල්ගොඩ කජු නිපදවීමේ හා සැකසීමේ මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ අවස්ථාවේ තත්ත්ව පාලන නිලධාරී මධුසංඛ බැද්දගමගේ මහතා පැහැදිලි කිරීමක් කරන අයුරු.
ඡායාරූපය :- ගම්පහ සංචාරක
අඩු ශ්‍රමිකයින් යොදවා කජු සකස් කිරීම ගැන විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඇමැතිවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ කජු ලෝකයේම ජනපි‍්‍රය වී ඇති බවද අවශ්‍ය ඉල්ලුම සපුරාලීමට නිෂ්පාදකයන් කටයුතු කළ යුතුª බවද අවධාරණය කළේය. මාකේවිට කළුවැල්ගොඩ කජු පිරිපහදු මධ්‍යස්ථානයේ වත්මන් පාලන අධිකාරියේ උනන්දුව හා කැපවීම මත නව තාක්ෂණ උපකරණ යොදාගෙන කජු සැකසීම කෙරෙහි ද ඇමැතිවරයා ප්‍රසාදය පළ කළේය.
ගම්පහ දිසාවේ කජු කර්මාන්තකරුවන් බහුතරයක් වෙසෙන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නැදගමුව, බටපොත, මාදැල්ගමුව, කළුවැල්ගොඩ යන ප්‍රදේශවලද අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකා කළේය. කළුවැල්ගොඩ කජු නිෂ්පාදන මධ්‍යස්ථානයේ තත්ත්ව පාලන නිලධාරී මධුශංඛ බැද්දගමගේ මහතා නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධ විස්තර ඉදිරිපත් කළේය.
මෙම නිරීක්ෂණ චාරිකාවට අමාත්‍ය ලේකම් වජිර නාරම්පනාව, සහකාර ලේකම් චන්ද්‍රානි හේරත් මිය, කජු සංස්ථාවේ තත්ත්ව පාලන ප්‍රධාන නිලධාරි එච්. එම්. බැද්දගමගේ, සාමාන්‍යාධිකාරී කීර්ති ජයකොඩි, අලෙවි කළමනාකරු සුනිල් පෙරේරා යන මහත්ම මහත්මීහු සහභභාගි වූහ.
http://www.dinamina.lk/2012/02/11/_art.asp?fn=r1202111
No comments:
Post a Comment