සබරගමුව සංචාරක ගාමිණී ජයන්ත
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයින් පස්දෙනකුට මාවනැල්ල දිසා අධිකරණ මහේස්ත්‍රාත් පි‍්‍රනිත් විජේසේකර මහතා රුපියල් තිස්පන්දහසක දඩ මුදලක් ගෙවීමට නියෝග කළේය. මාවනැල්ල නගරය අවට පදිංචිකරුවන් පස්දෙනකුට මෙසේ දඩ නියම කරන ලදී. චෝදනා ලැබූ පස්දෙනා වරද පිළිගැනීම නිසා එක් සැකකරුවකුට රුපියල් හත්දහස බැගින් රුපියල් තිස්පන්දහසක දඩ මුදලක් ගෙවීමට නියම විය.
මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් මාවනැල්ල නගරයේ හා අවට ප්‍රදේශවල ගෙවතු නිවාස හා කාර්යාල භූමි පරීක්‍ෂා කිරීමේ වැඩ සටහනකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩබ්ලිව්. ජේ. අරියසේන මහතා අධිකරණයට වාර්තා කළේය. මාවනැල්ල ප්‍රදේශීය සභා බල ප්‍රදේශ මදුරු මර්දන සතියට සමගාමීව වැටලීම් කරන බව ඩබ්ලිව්. ජේ. අරියසේන මහතා දිනමිණ ට පැවැසීය.
http://www.dinamina.lk/2012/02/11/_art.asp?fn=r1202112
No comments:
Post a Comment