Sunday, February 12, 2012

ළමා ආරක්ෂාවට නව නීති

රමණී සුබසිංහ

ළමයින් දරුකමට හදා වඩා ගැනීම සම්බන්ධයෙන් මතුවන ගැටලු හා දරුවන් ගේ ආරක්ෂාව ගැන සලකා බලා දැනට පවත්නා නීති රීති සංශෝධනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද මහතා කටයුතු යොදා තිබේ.

දේශීය හා විදේශීය වශයෙන් ළමයින් දරුකමට හදා වඩා ගැනීමට ඉල්ලුම් කිරීමේදී දරුවන් මෙන් ම අදාළ බාරකරුවන් ද මුහුණ දෙන ගැටලු සලකා බලා මේ තීරණය ගත් බව ඇමැතිවරයා පවසයි. මේ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක නීති රීතිවල යම් වෙනසක් කිරීමට අවශ්‍ය ද යන්න මෙහි දී සොයා බැලේ.


http://www.silumina.lk/2012/02/12/_art.asp?fn=aa12021212

No comments:

Post a Comment