මහරගම විශේෂ
වේහැල්ලේ පියතිලක
මහරගම පොලිසියේ ස්ථානාධිපති අනුරාධ මහින්දසිරි මහතාගේ මෙහෙයුම යටතේ මහරගම සුරම්‍ය නගරයක් බවට පත්කිරීමේ මූලික පියවරක් ලෙස නගර සීමාවේ අනුමැතිය නොලත් ස්ථානවල පෝස්ටර් ඇලවීම හා වෙළඳ බැනර් එසවීම තහනම් කෙරේ.
නගරයේ ව්‍යාපාරිකයින්ට වෙළඳ දැන්වීම්, විදුලි, ටෙලිපෝන් කණුවල ප්‍රදර්ශනය නොකරන ලෙස උපදෙස් දී ඇති අතර, හදිසි මෙහෙයුමක් කළ පොලිස් නිලධාරීන් පිරිසක් නගරයේ අලවා තිබුණු දැන්වීම් ඉවත් කරන ලදී. අනවසරයෙන් නගරයේ එල්ලා තිබුණ 200කට වැඩි බැනර් ප්‍රමාණයක් ද ඉවත් කරන ලදී.
http://www.dinamina.lk/2012/02/11/_art.asp?fn=r1202114
No comments:
Post a Comment