Friday, February 3, 2012

කොළඹ නගර සභාවේ ආහාර පරීක්ෂකවරුන්ට දුන් කෑමවල පණුවෙක්

ශ්‍රියානි විජේසිංහ

කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ආහාර පරීක්ෂකවරුන්ට ඊයේ (2) දහවල් කොළඹ ප්‍රධාන පෙළේහෝටලයකින් සැපයූ දිවා ආහාර වේලෙහි තිබූ වම්බටු ව්‍යාජනයේ පණුවකු සිට ඇත. අදාළ හෝටලයට විරුද්ධව ඒ සම්බන්ධයෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති.

කොළඹ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ආහාර පරීක්ෂකවරු 40ක් පමණ සහභාගි වූ පෞද්ගලික ආයතනයක් මගින් සංවිධානය කරන ලද වැඩමුළුවක් ඉහත කී හෝටලයේ සංවිධානය කර තිබුණි.

එම වැඩමුළුව අවසානයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පිරිනැමූ ආහාර වේලෙහි වම්බටු ව්‍යාජනයේ පණුවකු සිටි බව දැනගත් පසු හෝටලයේ කළමනාකරු වෙත එය දැන්වුවද ඔහු එය ගණනකට නොගත් බව මහජන පරීක්ෂකවරයෙක් 'ලක්බිම'ට සඳහන් කළේය.

මෙම හෝටලය මීට පෙර පරීක්ෂා කළ අවස්ථාවලදීද ඉතිරි වූ ආහාර ශීතකරණයේ දමා පසුව රත්කර නැවත දේශීය සංචාරකයින්ට ලබාදීමට කටයුතු කළ අවස්ථා කීපයකදී හමු වූ බව හෙතෙම කීය.

නරක් වූ හා පරණ වූ එළවළු වර්ග හෝටලයේ ආහාරය සඳහා එකතු කරන බවද වැටලීම්වලදී හසු වූ බවද ඒ සඳහා දිගින් දිගටම අදාළ හෝටල් කළමනාකරුට කරුණු පැහැදිලි කර ඇති බවත් ඔහු සඳහන් කළේය.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1396:fbgr&catid=81:europe&Itemid=457

No comments:

Post a Comment