Friday, February 3, 2012

සැපයුම වැඩි වී එළවළු මිල බසී

ප්ලාස්ටික්, කාඩ්බෝඩ් හා ලී පෙට්ටි ඇසුරුම් භාවිතයෙන් එළවළු රැගෙන ඒම නිසා පිටකොටුව මැනිං තොග වෙළෙඳ ‍පොළ තුළ ඊයේ (2) එළවළු තොග මිල ගණන් පහත වැටුණු බවමැනිං තොග වෙළෙඳ සංගමයේ ‍ලේකම් ගාමිණී හඳුන්ගේ මහතා 'ලක්බිම'ට පැවැසීය.


තක්කාලි කිලෝවක් රු. 15/-ත් රු. 20/-ත් අතරද, බෝංචි කිලෝවක් රු. 35/-ත් රු. 40/-ත් අතරද, ගෝවා කිලෝවක් රු. 35/-ත් රු. 40/-ත් අතරද, කැරට් කිලෝවක් රු. 40/-ත් රු. 50/-ත් අතරද, මිරිස් කිලෝවක් රු. 85/-ත් රු. 90/-ත් අතරද,මාලු මිරිස් කිලෝවක් රු. 65/-ත් රු. 70/-ත් අතරද මිලකට මේ වන විට එම එළවළු වර්ග අලෙවි වන බව ‍ලේකම්වරයා වැඩිදුටරත් පැවැසීය. එය මිල පහත වැටීමක් බවද ‍ලේකම්වරයා කීවේය.
දිනකට ලොරි 150ක් පැමිණෙනවා. ඒ අතර ගෝනිවලත් එළවළු ඇසුරුම් කර තියෙනවා. එළවළු සැපයුම වැඩි වී එළවළු ඉල්ලුම අඩුවුණා. මේ හේතුව නිසා එළවළු මිල පහත වැටුණු බව ‍ලේකම්වරයා පැවැසීය.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=1395:vvt&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment