ප්‍රභාත් විතාන
පාඩු ලාබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යqහගත කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ ඔස්ටේලියානු සමාගමකට බදු දුන් ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්තශාලාවේ (ඔස්ලංකා පේපර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්) නිෂ්පාදන කටයුතු අද (04 වැනිදා) ආරම්භ කෙරේ.
පසුගිය වසරේ රුපියල් මිලියන 600 කට මෙම කඩදාසි කම්හල ඔස්ටේ්රලියාවේ පර්ත් ඉංජිනියරින් සමාගමට බදු දීමට රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය කළමනාකරණ අමාත්‍යාංශය කටයුතු යෙදීය.
අද සිට නිෂ්පාදන කටයුතු ආරම්භ කරන මෙම කර්මාන්තශාලාවට මේ වන විට රජයේ ආයතනය කිහිපයකින්ම මුද්‍රණ ඇණවුම් ලැබී තිබෙන බවත් මෙම ආයතනයේ පාලන අධ්යක්ෂ බණ්ඩාර තිලක මහතා දිවයිනට පැවසීය.
පසුගිය ජනවාරි මස 26 වැනිදා නිල වශයෙන් කඩදාසි නිෂ්පාදනය ආරම්භ කළ බවත් මේ වන විට සියලුම යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩිය කොට අවසන් කර ඇති බවත් කී ඒ මහතා ලබන මාර්තු මාසය වන විට මෙහි නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමට කටයුතු කරන බවත් කියා සිටියේය.
නාවික හමුදාවේ, යුද හමුදාවේ විශ්‍රාමික විදුලි හා විද්‍යුත් ඉංජිනේරුවන්, සිවිල් ඉංජිනේරුවරුන් 200 දෙනකුට අධික පිරිසක් මේ වන විට කර්මාන්තශාලාවේ සේවයට බඳවාගෙන තිබෙන බවත් බණ්ඩාර තිලක මහතා කියා සිටියේය.
එමෙන්ම පෙරේදා (02 වැනිදා) රාත්‍රියේ මෙම කර්මාන්තශාලවේ පැරණි පත්‍ර ගොඩගසා තිබූ ස්ථානයක ඇතිවූ ගින්නෙන් කර්මාන්තශාලාවට කිසිදු හානියක් සිදු නොවූ බවත් එය කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු කරගෙන යැමට කිසිදු බාධාවක් නොවන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
http://www.divaina.com/2012/02/04/news11.html
No comments:
Post a Comment