Friday, February 3, 2012

Spot fines for seat belt law breakers (2 items)

පටි ගැලෙව්වොත් දඩ ගහන්න කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කරයි

අකිත පෙරේරා

ආසන පටි නොපළඳින රියදුරන් සහ මගීන්ට එරෙහිව දැයට ක්‍රියාත්මක වන උසාවි මගින් දඩ අයකර ගැනීම වෙනුවට ස්‌ථානීය දඩ අය කළ හැකි අයුරින් මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කිරීමට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කර ඇත.

මෝටර් රථ පනතට අනුව රියෑදුරු සහ වාහනවල ඉදිරිපස අසුන්වල යන මගියා අනිවාර්යයෙන්ම ආසන පට පැළඳිය යුතු අතර එසේ නොකරන පුද්ගලයනන්ට දඩ නිකුත් කෙරේ.

දැනට ක්‍රියාත්මක වන ආකාරය වන්නේ මෙම නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන් උසාවි වෙත යොමුකොට නඩු විභාගයකින් පසුව වරදකරු වූ ප්‍රථම අවස්‌ථාවේදී රුපියල් 1,000 කට නොඅඩු එහෙත් රුපියල් 2,000 කට නොවැඩි දඩ මුදලක්‌ ද අය කිරීමය.

මෙහිදී දෙවැනි වරට වරදකරුවන් වන පුද්ගලයින් සඳහා රුපියල් 2,000 ත් 3,000 ත් අතර දඩ මුදලක්‌ ද තුන්වන වරට වරදකරු වුවහොත් රුපියල් 3,500 කට නොවැඩි දඩ මුදලක්‌ සමග රියෑදුරු බලපත්‍රය අවලංගු කිරීමට ද දැනට එහි ප්‍රතිපාදන සලසා ඇත.

වරදකරුවන් ප්‍රථමයෙන් උසාවි වෙත ඉදිරිපත් නොකොට එම අවස්‌ථාවේදී දඩ මුදලක්‌ නිකුත් කිරීම සුදුසු බවට රජය තීරණය කර ඇතැයි ද එසේ නොමැතිව ප්‍රථම අවස්‌ථාවේදීම උසාවි වෙත යොමු කළහොත් ප්‍රායෝගික ගැටලු පැන නගින බවද කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍යය හමුවේදී පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඊයේ (02 දා) පැවසීය.

එසේ සිදු කිරීමෙන් වන්නේ උසාවි තුළ නඩු ගොඩගැසෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

අදාළ නව යෝජනාව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා විසින් කැබිනට්‌ මණ්‌ඩලයට යෝජනා කර තිබිණි.


http://www.divaina.com/2012/02/03/news23.html


Spot fines for seat belt law breakers

Nadira Gunatilleke

Cabinet approval has been granted to impose spot fines on motorists contravening seat belt regulations, Environment Minister Anura Priyadharshana Yapa said.

Addressing the weekly Cabinet press briefing at the Government Information Department Auditorium yesterday, Minister Yapa said that on a proposal by Transport Minister Kumara Welgama...

Cabinet approved to amend Section 157 A (4) of the Motor Traffic Act to enable spot fines to be imposed in a similar manner on drivers and passengers traveling in the front seat of vehicles who contravene the seat belt regulations.

Minister Yapa said in keeping with the provisions of the Motor Traffic Act regulations pertaining to the violation of the seat belt law, after a summary trial in a court of law, a fine not less than Rs 1,000 and not exceeding Rs 2,000 will be imposed on the first occasion. A fine not less than Rs 2,000 and not exceeding Rs 3,000 will be imposed on motorists contravening seat belt regulations for the second occasion and a fine not exceeding Rs 3,500 and cancellation of the driving license on the third occasion, on conviction after a summary trial in a court of law, Minister Yapa added.

http://www.dailynews.lk/2012/02/03/news16.asp

No comments:

Post a Comment