අස්‌වනු නෙළීමත් සමග වී මිල පහළ බසී
මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
මාස් කන්නයේ වී අස්‌වනු නෙළීම ආරම්භයත් සමග වී මිළ දරාගත නොහැකි ලෙස පහත වැටී ඇති බව ගොවීහු පවසති. නැගෙනහිර පළාතේ මේ දිනවල වී කිලෝවක ගැනුම් මිල රුපියල් 16 දක්‌වා පහත වැටී ඇත.
මෙම කන්නයේදී දිවයින පුරා අක්‌කර ලක්‍ෂ 17 ක පමණ වී වගා කර ඇත. අපේක්‍ෂිත අස්‌වැන්න මෙටි්‍රක් ටොන් ලක්‍ෂ 28 කි. මෙම අස්‌වැන්න රටේ අවශ්‍යතාවයෙන් මාස 09 ක් සඳහා ප්‍රමාණවත් වේ.
අස්‌වනු නෙළීම ආරම්භයත් සමග වී අලෙවි මණ්‌ඩලයට වී මිළදී ගැනීමට රජය උපදෙස් දී ඇති බව උසස් නිලධාරියෙක් පැවැසීය. ලබන සතිය තුළදී අම්පාර, අක්‌කරේපත්තුව ප්‍රදේශවලින් වී මිලදී ගැනීම ආරම්භ කිරීමට වී අළෙවි මණ්‌ඩලය සැලසුම් කර ඇති බවද හෙතෙම පැවැසීය.
http://www.divaina.com/2012/02/11/news10.html
අම්පාරේ වී කිලෝවක් රුපියල් 16ට බසී
- ගොවීන්ට දැඩි අපහසුතා
දඩයම්තලාව - පී. ජයසිංහ
අම්පාර දිස්‌ත්‍රික්‌කයේ 2011/2012 මහ කන්නයේ වී අස්‌වැන්න නෙලීමේ කටයුතු ආරම්භ කර ඇතත් වී මිල ඊයේ (10 දා) වන විට කිලෝව රුපියල් 16 දක්‌වා පහත වැටී ඇති නිසා ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වම් හා දකුණු ඉවුරේ ඒකාබද්ධ ගොවි සංවිධාන නිලධාරීන් ඇතුළු ගොවීහු මැසිවිලි නඟති.
ගොවි සංවිධානයේ සභාපති ආර්. ජී. ප්‍රේමරත්න මහතා - වී මිලදී ගැනීමට රජය විසින් තවමත් ප්‍රතිචාරයක් දක්‌වා නැහැ. අද අම්පාර ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ ප්‍රදේශවල වී කිලෝව රුපියල් 16 ට අඩු වෙලා.
දමන ව්‍යාපාර අධිකාරියට අයත් හෙළගම්පුර ගොවි සංවිධානයේ සභාපති එම්. ජී. ජයසිංහ මහතා - අපේ ගෙවල්වලට පැමිණ රුපියල්
21 ට වී මිලදී ගන්නට පෞද්ගලික වෙළෙඳුන් උත්සාහ කළා. දැනට දින කීපයක සිට රුපියල් 15 ට සහ 16 ට වී මිලදී ගන්නවා. අස්‌වැන්න නෙලීමට ගිය වියදම පියවීමට මිල අඩු වුණත් වී අලෙවි කරන්න වෙනවා. තවමත් වී ගබඩා ඇරලා නැහැ. ගිය කන්නයේ මිලදී ගත් වී ගබඩාවල පිරිලා තිබෙනවා.
අපිට අඩු මිලට වී දෙන්න බැහැ. කෘෂි රසායනික බෝතලයක් රුපියල් 1500/- යි. කුඹුරු අක්‌කරයක් හාන්න රුපියල් 5000/- යි. ගොයම් කපන්න මැෂින්වලට අක්‌කරයකට රුපියල් 6000 යි 8000 යි. ඒවා ගෙවන්න වී ටික අඩු මිලට දීලා අත පිස දාගෙන ගෙදර ඉන්නයි වෙලා තියෙන්නේ.
රුපියල් 28 ට 30 ට ගත් වී අලෙවි මණ්‌ඩලයේ සහ සමුපකාර සමිතිවල ගබඩාවල මෙටි්‍රක් ටොන් 34000 ක් තිබෙනවා. ඒ අතර 2009, 2010 මිලදී ගත් වී ද තිබෙනවා. ලබාගත් වී තොග කෘමි හානිවලින් යම් ප්‍රමාණයක් විනාශ වෙලා. ඒ වී වලින් මෙටි්‍රක් ටොන් 15,000 ක් සහල් කර සෝමාලියාවට ආධාර වශයෙන් දීමට කටයුතු කරන බවද "දිවයින" ට වාර්තා විය.
http://www.divaina.com/2012/02/11/provin02.html
No comments:
Post a Comment