Saturday, February 11, 2012

රත්නපුරයේ සංචාරක ස්‌ථාන නාමපුවරු විනාශ කරලා

රත්නපුර - අසිත ඉන්දික වීරවර්ධන, නිවිතිගල - ධර්මසිරි ජයවර්ධන

සබරගමු පළාත් සංචාරක අමාත්‍යාංශය මගින් පළාතේ ප්‍රධාන සංචාරක ස්‌ථාන පිළිබඳ දේශීය හා විදේශීය සංචාරකයන් දැනුවත් කිරීම සඳහා ඉදිකර තිබූ විශාල ප්‍රමාණයේ පුවරු කිහිපයක්‌ පසුගිය දිනවලදී කිසියම් පිරිසක්‌ විසින් විනාශ කර තිබේ.

මේ පිළිබඳ සබරගමු පළාත් සභා සංචාරක අමාත්‍යාංශය මගින් රත්නපුර හා කුරුවිට පොලිසිවලට පැමිණිලි කොට තිබේ.

රත්නපුර ප්‍රදේශයේ සංචාරක ස්‌ථාන අසූපහක්‌ සඳහා නාමපුවරු ඉදිකිරීමට පළාත් සභාව කටයුතු යොදා ඇත. දැනට ඉන් හතළිස්‌පහක්‌ සවිකොට තිබේ.

දේශීය සංචාරකයන් පවා නොහඳුනන සංචාරක ස්‌ථාන රාශියක්‌ ප්‍රදේශයේ පිහිටා ඇති අතර ඒවා පිළිබඳ ජනතාව දැනුවත් කොට සංචාරක ව්‍යාපාර දියුණු කිරීමට පළාත් සභා සංචාරක අමාත්‍යාංශය ව්‍යාපෘතියක්‌ ආරම්භ කොට ඇත.

මෙම සංචාරක සටහන් නාමපුවරු ආරක්‌ෂා කරගැනීමට පළාත් පාලන ආයතනවලට පැවරීමට කටයුතු කර ඇති බැව් එහි ප්‍රකාශකයෙක්‌ කීය.


http://www.divaina.com/2012/02/11/news21.html

No comments:

Post a Comment