කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ
දින තුනක් තිස්‌සේ ඇදහැළුණු ධාරාණිපාත වැසි හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කැපූ හා පැසුණු ගොයම ජලයට යට වී මහත් විනාශයක් සිදුවී ඇති බව ගොවීහු පවසති. විශේෂයෙන්ම වී වගාව බහුල ලෙස සිදු කෙරෙන කන්තලේ, මුත්තූර්, තඹලගමුව, සේරුනුවර, මොරවැව, ගෝමරන්කඩවල, වාන්ඇල, සාම්පූර් යන ප්‍රදේශවල අක්‌කර 30,000 ක පමණ කුඹුරු මෙසේ ජලයට යට වී ඇත. වර්ෂාව නිසා ගොයමද බිමට වැටී විනාශ වී ඇති අතර, ගොයම විශාල ලෙස කීඩෑ උවදුරට ගොදුරුවෙමින් පවතින බවද ගොවීහු කියා සිටිති. නිසි වේලාවට වැසි ලැබී දිස්‌ත්‍රික්‌කයේ සියලු වැව් අමුණු පිරි ඉතිරී යැම නිසා මෙම මහ කන්නයේදී ගොවි ජනතාව තම කුඹුරු මෙන්ම ගොඩ ගොවිතැන්ද ඉතාමත් සාර්ථක ලෙස සිදු කළහ. ඉඳහිට ලැබුණු වැසි නිසා ගොඩ ගොවිතැන් ද සරු වූ අතර කුඹුරු මහත් ජයට පැසුණි.
මේ අකල් වැස්‌සත් සමග තමන්ගේ සියලු බලාපොරොත්තු සුන්වී ජලයට යටවී ඇති ගොයම දෙස බලා හූල්ලනන්ට සිදුවී ඇති බවද ගොවි ජනතාව පවසති.
http://www.divaina.com/2012/02/11/provin01.html
No comments:
Post a Comment