Thursday, March 15, 2012

සත්ත්ව ලොවෙන් වසන් වූ පඳුරු මැඬියා වසර 100 කට පසු යළි හමුවෙයි

ජගත් කණහැරආරච්චි

මීට වසර සියයකට ඉහතදී සත්ත්ව විද්‍යාඥයන් විසින් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පට්‌ටිපොළ ප්‍රදේශයෙන් විද්‍යා ලොවට හඳුන්වා දුන් දුලබ කුඩා පඳුරු මැඬියකු සත්ව ලොවෙන් වසන් වී සිටියද නැවත හඳුනාගන්නට විද්‍යාඥයෝ පිරිසක්‌ සමත්ව සිටිති.

Ixalus semiruber නමැති මෙම පඳුරු මැඬියා 1913 දී එන්. අනන්දලේ නමැති විද්‍යාඥයා විසින් පට්‌ටිපොළ ප්‍රදේශයේදී හඳුනාගෙන නම්කර ඇති අතර වසර සියයකට පසු මෙසේ නැවත වාර්තා වී ඇත්තේ මධ්‍යම කඳුකරයේම අග්‍රා-බෝපත් ප්‍රදේශයෙනි. මෙතෙක්‌ දත්ත ඉතාමත් හීන උභයජීවියකු ලෙස නම්කර තිබූ මෙම මැඬියා අනන්දලේගේ වාර්තා සමඟ ඉතා හොඳින් ගැළපෙන අතර මෙම නව සොයාගැනීම ප්‍රවීණ සත්ත්ව විද්‍යාඥයන් වන කැලුම් මනමේන්ද්‍රආරච්චි, මාධව මීගස්‌කුඹුර, ගයාන් බෝවත්ත හා සුසාමා මීගස්‌කුඹුර යන කණ්‌ඩායම විසින් හඳුනාගෙන නම්කර ඇත.

මෙම මැඬියා අල්ලාගෙන ඇත්තේ උභයජීවී පර්යේෂක එම්. එම්. බාහිර් විසිනි. මේ පිළිබඳ වාර්තාව 2012-3229 දරන "ෂූටැක්‌සා" සඟරාවේ පළකර ඇති නමුත් නවතම වර්ගීකරණය යටතේ මෙම පඳුරු මැඬි විශේෂය Pseudophilautus semiruber ලෙස වෙනස්‌වන බව සත්ත්ව විද්‍යාඥ කැලුම් මනමේන්ද්‍රආරච්චි මහතා "දිවයින" ට පැවැසීය.


http://www.divaina.com/2012/03/15/news19.html

No comments:

Post a Comment