Thursday, March 15, 2012

උත්සව සමයේ හිඟයකින් තොරව සියලු භාණ්ඩ වෙළෙඳ පොළට

සතොස සමුපකාර හරහා බෙදා හැරීම් ජාලයක්
මිල පාලනයට
කූට වෙළෙඳුන් වැටලීමට පියවර

විජයානි එදිරිසිංහ

ඉදිරියේ එන උත්සව සමයේදී හිඟයකින් තොරව වෙළෙඳ පොළට භාණ්ඩ සැපයීමටත් මිල ස්ථාවරව පවත්වාගෙන යාමටත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමත්‍යාංශය කටයුතු යොදා තිබේ.

භාණ්ඩ සඟවා හිඟයක් මවා පා මිල වැඩිකර පාරිභෝගිකයන් සූරාකෑමට සැලසුම් කරන කූට ව්‍යාපාරික මාෆියාවට තවදුරටත් ගසාකෑම්වලට ඉඩ නොතබන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

උත්සව සමයට අවශ්‍ය සියලුම අත්‍යාවශ්‍ය භාණ්ඩ ස.තො.ස. හරහා ස්ථාවර මිලක් යටතේ රට පුරා බෙදාහැරීමේ ජාලයක් ලෙස ක්‍රියාත්මක කෙරේ. ස.තො.ස. සහ සමුපකාරයට අවශ්‍ය එම භාණ්ඩ විවිධ ව්‍යාපාරික ආයතනවලින් නොව එකම ස්ථානයකින් ලබාගැනීමටද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

හාල්, කිරිපිටි, පරිප්පු, හාල්මැස්සන්, සැමන්, අල, සීනි, වියළි මිරිස්, කුකුල් මස්, බිත්තර සහ එළවළු මේ වන විටත් ඉතා අඩු මිලකට ලබාගත හැකිය.

උත්සව සමයේදී පෞද්ගලික ව්‍යාපාරිකයන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දමන හෙයින් සෑම භාණ්ඩයකම මිල අද තත්ත්වයෙන් හෝ ඊට අඩුවෙන් පාරිභෝගිකයාට ලබාදීමට මේ වන විටත් කටයුතු යොදා ඇත.

මේ සඳහා ආනයනය කරන භාණ්ඩ රැසක තොග දැනටමත් ඇනවුම් කර තිබේ. භාණ්ඩ සඟවන, වැඩි මිලට අලෙවි කිරීමට උත්සාහ කරන හා පාරිභෝගිකයා සූරාකන වෙළෙඳුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටද යයි.

යාපනයට ද මේ වන විට භාණ්ඩ ආනයනය කරන අතර, යාපනයේ භාණ්ඩ මිල අඩුවී ඇති බවද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.


http://www.dinamina.lk/2012/03/15/_art.asp?fn=n1203156

No comments:

Post a Comment