Saturday, March 17, 2012

ගාල්ල සිට අලුත්ගමට දුම්රිය 19 සිට

ශීලා උඩුවර

නවීකරණය කරන ලද මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගාල්ල සිට අලුත්ගම දක්වා දුම්රිය ධාවනය මෙම 19 වැනිදා උදේ ආරම්භ කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා පැවසීය.

මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා මාස 06ක් පමණ කාලයක් මෙම මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබුණි. මාර්ගය විවෘත කිරීමෙන් පසු මාතර සිට අලුත්ගම දක්වා දුම්රිය ධාවනය කරන අතර, සමුද්‍රදේවී, රුහුණු කුමාරි ආදී ශීඝ්‍රගාමී කාර්යාල දුම්රියන්ද ධාවනය කෙරේ.

19 වැනිදා සිට මාතරින් අලුයම 4.50 ට 5.20 ට පිටත්වන දුම්රියන් උදේ 6.03ට හා 7.10ට අලුත්ගමට පැමිණේ. ගාල්ලෙන් අලුයම 4.15ට 5.10ට පිටත්වන දුම්රියන් පිළිවෙළින් 5.55ට හා 6.51ට අලුත්ගමට පැමිණේ.


http://www.dinamina.lk/2012/03/17/_art.asp?fn=n1203178

No comments:

Post a Comment