මිත්‍රශීලී පදනම මත කොටස් 2 ක් ඉන්දියාවට හා චීනයට
නොර්වේ හා ඇමරිකාව ඇතුළු රටවල් රැසක් ඇස යොමා ගෙන
ශිරාන් රණසිංහ
මන්නාරම් ෙද්‍රdaණියේ ඉන්ධන නිධි කැණීමේ කටයුතු වෙනත් රටවලට ලබා නොදී ඉන්දියාවට පවරන්නැයි ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.
මේ වන විට මන්නාරම් ෙද්‍රdaණියේ ඉන්ධන නිධි කොටස් (බ්ලොක්) නවයක් හඳුනාගෙන තිබෙන අතර ඉන්දියානු කෙයාන්ස් සමාගම කළ කැණීම්වලින් එක් කොටසක (බ්ලොක්) ගෑස් ඇති බවට පසුගියදා සොයා ගැනිණි.
මිත්‍රශීලී පදනම මත ඉන්දියාවට තවත් කොටසක් (බ්ලොක්) වෙන් කර දී ඇති අතර චීනයට එක බ්ලොක් එකක් වෙන්කර දී ඇත. ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට සහාය දීමට නම් මන්නාරම් ෙද්‍රdaණියේ තෙල් නිධි කැණීමේ අයිතිය ඉන්දියාවට ලබා ගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම කළ බවට කතා පැතිරුණ ද ඛනිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ ප්‍රධාන නිලධාරිනියක කියා සිටියේ ජිනීවා සමුළුව හා අදාළ ඉල්ලීම අතර සම්බන්ධයක් නැති බවයි.
නමුත් යම් යම් රටවලින් විවිධ ඉල්ලීම් සිදුවන බව ද එම නිලධාරිනිය කියා සිටියාය.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා යටතේ ක්‍රියාත්මක ඛනිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය මෙරට ඇතැයි කියන ඉන්ධන නිධි කැණීම් ඇතුළු කටයුතු භාරව ක්‍රියාකරනු ලබයි.
ශ්‍රී ලංකාවේ තෙල් නිධි පිළිබඳව නෝර්වේ රාජ්‍යය, ඇමරිකාව, චීනය මෙන්ම තවත් රටවල් ගණනාවක් ම අවදියෙන් සිටින අතර නෝර්වේ රාජ්‍යය මෙරට ඉන්ධන නිධි (බ්ලොක්) සෙවීමේදී විශාල කාර්යභාරයක් කළ බව ද ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කරයි.
http://www.divaina.com/2012/03/17/news01.html
No comments:
Post a Comment