Saturday, March 17, 2012

අලව්ව වාරියගොඩ ඇතැම් වෙළෙඳසල් කසළ බැහැර කරන්නේ මහ ඔයට



අලව්ව විශේෂ – ඒ. කීර්තිසිංහ

වරකාපොළ ප්‍රාදේශීය සභාවට අයත් අලව්වේ වාරියගොඩ නගරයේ ඇතැම් වෙළෙඳසල් මහ ඔයට අපද්‍රව්‍ය බැහැර කරයි. මෙය පරිසරය දූෂණයට මෙන්ම ඔයේ ජලය අපිරිසුදු වීමට ද හේතු වී තිබේ.

මෙම කසළ අතර යෝගට් කෝප්ප, පොලිතීන් මෙන්ම වෙනත් ටින් වර්ග ද තිබෙන බැවින් මදුරුවන් බෝවීමට ද හේතු වී ඇතැයි නගර වාසීහු පවසති. මේ ගැන වරකාපොළ ප්‍රාදේශීය සභාවේ අවධානය යොමු කරන මෙන් ද ජනතාව ඉල්ලා සිටිති.




වෙළෙඳ සලකින් පිට කරන අපද්‍රව්‍ය මහ ඔය ඉවුරේ රැඳී ඇති අයුරු.
ඡායාරූපය – අලව්ව විශේෂ

http://www.dinamina.lk/2012/03/17/_art.asp?fn=r1203172

No comments:

Post a Comment