අකිත පෙරේරා, සෝමචන්ද්‍ර යකන්දාවල, අම්පාර - ජයරත්න ගෝනපීනුවල සහ ප්‍රාදේශීය වාර්තාකරුවන්
වැටුප් ප්‍රශ්නයක් මුල් කර ගනිමින් ඩිපෝ විසිතුනක (23 ක) සේවකයෝ ඊයේ (14 වැනිදා) වැඩ වර්ජනයක නිරත වූහ.
ඒ අනුව කතරගම, අම්බලන්තොට, ඇඹිලිපිටිය, අවිස්‌සාවේල්ල, මාවනැල්ල, දැරණියගල, කෑගල්ල, ගම්පහ, මීගමුව, කැලණිය, වැලිසර, කිරිඳිවැල, කඩවත, නුවර - දකුණ, නුවර - උතුර, යටිනුවර, වත්තේගම, අම්පාර, අනුරාධපුර, උඩහමුල්ල, මීතොටමුල්ල, පානදුර, හොරණ, කැප්පෙටිපොළ යන ඩිපෝ ඊයේ (14 දා) දින වර්ජනයට එක්‌වූ බව සමස්‌ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ලේකම් සේපාල් ලියනගේ මහතා "දිවයින"ට පැවැසීය.
2006 වසරේ නිකුත් කරන ලද වැටුප් චක්‍රලේඛයක් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
http://www.divaina.com/2012/03/15/news02.html
No comments:
Post a Comment