සිරිසේන රාජපක්ෂ
රුපියල් හැත්තෑවට විකිණිය යුතු සහල් කිලෝවක් රුපියල් අනූවකට විකිණීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නාරාහේන්පිට ජාතික පොළේ වෙළෙන්දකුට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය රුපියල් හත් දහසක දඩයක් නියම කළාය.
පාරිභෝගික අධිකාරිය මගින් කරන ලද වැටලීමකදී මේ බව අනාවරණය වී තිබේ. නාඩු සහල් කිලෝවක් රුපියල් හැත්තෑවට අලවි කිරීමට නියමිතව තිබියදී රුපියල් විස්සක් ලාභ ලබා රුපියල් අනූවකට අලෙවි කිරිමෙන් පාරිභෝගික පනත උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් ඒ තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
ඒ අවස්ථාවේ චූදිත වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ. යසන්ත පෙරේරා මහතා අධිකරණයට කරුණු දක්වමින් තම සේවාදායකයා පාරිභෝගිකයින්ට අලෙවි කර ඇත්තේ නාඩු සහල් නොව විශේෂිත සම්බා වර්ගයේ සහල් බවත්, නඩු කටයුතු ඉදිරියට ගෙන යාමට අදහස් නොකරන බැවින් අදාළ චෝදනාවට වරද පිළිගැනීමට කැමැති බවත් කියා සිටියේය.
නීතිඥ මහතාගේ එම දැනුම් දීමට අනුව මහේස්ත්‍රාත්වරිය චූදිතට ඉහත කී දඩය නියම කළාය.
http://www.dinamina.lk/2012/03/02/_art.asp?fn=r1203023
No comments:
Post a Comment