සිරිමන්ත රත්නසේකර
කතරගම අවට ප්‍රදේශයන්හි මැණික් නිධි තවත් ඇතිදැයි සොයා බැලීම සඳහා පරිසර අමාත්‍යාංශය පරීක්‍ෂණ කමිටුවක් පත් කර ඇත.
මෙම කමිටුව පරිසර අමාත්‍යාංශයේ මැණික් පර්යේෂණ ආයතනයේ, භූ විද්‍යා හා පතල් කැණීම් අධ්‍යයන අංශයේ ජාතික මැණික් හා ස්‌වර්ණාභරණ අධිකාරිය හා වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත වේ.
අදාළ පරීක්‍ෂණ කමිටුව අද (02 වැනිදා) අදාළ ප්‍රදේශයට ගොස් පරීක්‍ෂණ ආරම්භ කිරීමට නියමිතය.
නව තාක්‍ෂණික ක්‍රම භාවිතා කරමින් අදාළ පරීක්‍ෂා කිරීම් සිදු කිරීමට නියමිත අතර මෙම භූගෝලීය කලාපය තුළ තවත් මැණික් නිධි ඇතැයි යන්න සැක පහළ වී ඇත.
http://www.divaina.com/2012/03/02/news24.html
No comments:
Post a Comment