- ගොවීහු රජයට බල කරති
සීගිරිය - සරත් එරමිණිගම්මන
වී මිල ඉහළ දමන ලෙස බල කරමින් ගොවීහු දඹුල්ල නගරයේ දී උද්ඝෝෂණයක් කළ අතර ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ ගොවීන් උද්ඝෝෂණයේ නිරත වූ අයුරුයි.
ගල්කිරියාගම ප්‍රදේශයේ ගොවි සංවිධාන 30 ක සාමාජික සාමාජිකාවන් දහසක් පමණ එම ප්‍රදේශයේ සිට කිලෝමීටර් 30 කට වැඩිදුරක් විරෝධතා පුවරු ඔසවාගෙන පා ගමනින් දඹුල්ල ඔර්ලෝසු කණුව ඉදිරිපිටදී ඔවුහු සටන්පාඨ කියමින් උද්ඝෝෂණයක නිරත වූහ.
ගල්කිරියාගම කොට්‌ඨාස කළමනාකරණ කමිටුවේ කැඳවුම්කරු පතිරාජ විඡේකෝන් මහතා කියා සිටියේ වී මිල රු. 15-20 ත් අතර මේ දිනවල පවතින බවත්, එම මිල රුපිල් 35 දක්‌වා ඉහළ දමන ලෙසත් රජයට බලකර සිටින බවත්ය.
http://www.divaina.com/2012/03/02/news14.html
No comments:
Post a Comment