අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
රුපියල් අටලක්ෂයකට ගජ මුතු අටක් විකිණීමට තැත් කළ බන්ධනාගාර නියාමකවරයකු සහ තවත් පුද්ගලයකු මිහින්තලේ පොලිසිය විසින් ඊයේ (01 දා) පෙරවරුවේ මිහින්තලේ මහකනදරාව යුද හමුදා කඳවුර අසලදී අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරුවන් සමග ඔවුන් සන්තකයේ තිබූ ගජමුතු අට සහ ජංගම දුරකථන තුනක්ද පොලිස් භාරයට ගෙන ඇත.
ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ සේවයෙහි නියුතු මිහින්තලේ බෝගහයාය ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නියාමකවරයා සතුව ගජමුතු අටක් තිබෙන බවත් එම ගජමුතු රුපියල් අටලක්ෂයකට ඔහු විකිණීමට උත්සාහ කරන බවටත් මිහින්තලේ පොලිසියට තොරතුරු ලැබී තිබිණි.
ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව සිරිවර්ධන මහතා ව්‍යාපාරිකයකු ලෙස පොලිස් නිලධාරියකු යොදවා අදාළ ගජමුතු අට බන්ධනාගාර නියාමකවරයාගෙන් මිලදී ගැනීමට ගනුදෙනු කතා බස් කර තිබේ.
ඒ අනුව මහකනදරාව යුද හමුදා කඳවුර අසලදී ඊයේ (01 දා) පෙරවරුවේ ගජමුතු ගනුදෙනුව සිදු කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒ අසල රැකවල්ලා සිටි මිහින්තලේ පොලිසියේ නිලධාරීන් පිරිසක් ගජමුතු සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ සිටින රැඳවියෙකුගෙන් තමා හට එම ගජමුතු අට ලැබුණු බව පවසා තිබේ.
විසි දෙහැවිරිදි වියෙහි පසුවෙන සැකකාර බන්ධනාගාර නියාමකවරයා සමග අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරු හොරොව්පොතාන මොරකෑවේ පදිංචි විසිතුන් හැවිරිදි අයෙකු බවත් බන්ධනාගාර නියාමකවරයා අනෙක් සැකකරුගේ නැගනිය සමග විවාහ වීමට සූදානම්ව සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
එම සැකකරුවන් දෙදෙනා ඊයේ (01 දා) සවස අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මිහින්තලේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව සිරිවර්ධන මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සේමසිංහ, සැරයන් වරුන් වන වික්‍රමරත්න (27984), කුලසූරිය (20840), නන්දසේන (27845), කොස්තාපල්වරුන් වන නලීන් (72512), බණ්ඩාර (45865), උදය කුමාර (6144) සහ චන්ද්‍රසේකර (36375) යන නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.
http://www.divaina.com/2012/03/02/news12.html
ගජ මුතු 8ක් රු. ලක්ෂ 8කට විකුණන්න හදලා
අනුරාධපුර මධ්‍යම විශේෂ ගාමිණි ජයසිංහ සහ අමිල ප්‍රභාත් වනසිංහ
රුපියල් ලක්ෂ අටකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගජමුතු අටක් සමග පුද්ගලයන් දෙදෙනෙකු මිහින්තලය පොලිසිය මගින් ඊයේ (1) අත්අඩංගුවට ගෙන ඇත.
මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව සිරිවර්ධන මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපාය දූතයකු යොදවා සැකකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වු එක් අයෙකු මිහින්තලය බෝගහයාය පදිංචි ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ නියාමකවරයෙකි.
අනෙක් පුද්ගලයා හොරොව්පොතාන වඩිගවැව පදිංචිකරුවෙකි. මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන බන්ධනාගාර නියාමකවරයා පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමන්ට බන්ධනාගාරයට පැමිණි පුද්ගලයකු ලග තිබී ගජමුතු හමුවූ බවත් පසුව ඒවා තමන් භාරයට ගත් බවයි.
විවිධ ප්‍රමාණයෙන් යුතු ගජ මුතුවලට අමතරව ජංගම දුරකථන තුනක් හා විදුලි පන්දමක් ද පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව සිරිවර්ධන මහතාගේ උපදෙස් මත රථ වාහන ස්ථානාධිපති පො. ප. එන්. ආර්. ගුණසේකර මහතා උ. පො. ප. සේමසිංහ, සැරයන්වරුන් වන 27984 වික්‍රමරත්න, 27845 නන්දසේන, 20840 කුලසුරිය, පොලිස් කොස්තාපල්වරුන් වන 72512 නලින්, 6144 උදයකුමාර, 45865 බණ්ඩාර ඇතුළු නිලධාරීන් වැටලීම සිදු කර ඇත.
http://www.dinamina.lk/2012/03/02/_art.asp?fn=u1203025
විවිධ ප්‍රමාණයෙන් යුතු ගජ මුතුවලට අමතරව ජංගම දුරකථන තුනක් හා විදුලි පන්දමක් ද පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව සිරිවර්ධන මහතාගේ උපදෙස් මත රථ වාහන ස්ථානාධිපති පො. ප. එන්. ආර්. ගුණසේකර මහතා උ. පො. ප. සේමසිංහ, සැරයන්වරුන් වන 27984 වික්‍රමරත්න, 27845 නන්දසේන, 20840 කුලසුරිය, පොලිස් කොස්තාපල්වරුන් වන 72512 නලින්, 6144 උදයකුමාර, 45865 බණ්ඩාර ඇතුළු නිලධාරීන් වැටලීම සිදු කර ඇත.
http://www.dinamina.lk/2012/03/02/_art.asp?fn=u1203025
No comments:
Post a Comment