Thursday, March 1, 2012

ළමයින්ගේ වකුගඩු බද්ධ කිරීමේ ඒකකයක්‌ ළමා රෝහලට!

ඒමන්ති මාරඹේ

මෙරට ප්‍රථම වතාවට ළමයින්ගේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදුකිරීමේ ඒකකයක්‌ බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ පිහිටුවීමට කටයුතු කර ගෙන යන බව එම රෝහලේ උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය. දැනටමත් ළමා වකුගඩු ඒකකයක්‌ ළමා රෝහලේ පවතින අතර එම ඒකකය සඳහා වකුගඩු රෝගී ළමයින්ගේ රුධිර කාන්දු කරන ප්‍රතිකාරය (ඩයලයිස්‌) සඳහා යන්ත්‍රයක්‌ ලබාගත් පසු වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ඇරැඹීමට කටයුතු කරන බව ඔහු කීවේය.

මෙරට ළමා ගහනයෙන් මිලියනයකට 9 දෙනකු පමණ වකුගඩු බද්ධ කිරීමේ අවශ්‍යතාවකින් පෙළෙන බව අනාවරණය වී ඇති බවත් එසේ බද්ධ කිරීමේ අවශ්‍යතාවය පවතින ළමුන් පිළිබඳ නිසි අධ්‍යයනයක්‌ කර නැතිබවත් එම නිලධාරියා සඳහන් කළේය.

රජයේ රෝහල් කිහිපයකම වැඩිහිටියන් සඳහා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සිදුකළද ළමයින් සඳහා වෙන් වූ වකුගඩු බද්ධ කිරීම සිදුකරන ඒකකයක්‌ මෙතෙක්‌ ස්‌ථාපිත කර නැතැයි හෙතෙම සඳහන් කළේය.


http://www.divaina.com/2012/03/01/provin01.html

No comments:

Post a Comment