අනුරාධපුර මධ්‍යම විශේෂ
දිවයිනේ සොසේජස් නිපදවන ප්‍රසිද්ධ සමාගමකට අයත් රුපියල් නවලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු කල් ඉකුත් වූ සොසේජස් තොගයක් විනාශ කර දමන්නැයි අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය නිකුත් කරනු ලැබුවේ අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂක කාර්යාලය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂක ආනන්ද වේරගොඩ මහතාට ලැබුණු තොරතුරු අනුර අනුරාධපුර දෙවන පියවරේ පිහිට අදාළ සොසේජස් සමාගමට අයත් තොග අලෙවි නියෝජිතයා සතු අධිශීතකරණය පරීක්ෂා කිරීමේදී මේ කල් ඉකුත් වූ සොසේජස් තෙගය සෙයා ගෙන ඇත. අනතුරුව එම සෝසේජස් නැවතත් ලේබල් කර වෙළඳ පොලට පැමිණෙතැයි යන සැකය මත ආහාර හා ඖෂධ පරීක්ෂකවරයා ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම කල් ඉකුත් වූ සොසේජස් තොගය නැවතත් අදාළ සමාගමට යැවීම සඳහා ගබඩා කර තිබූ බව අලෙවි නියෝජිතවරයා ආහාර පරීක්ෂකවරයාට දන්වා ඇත. විවිධ බරින් යුතු සොසේජස් පැකට් 4000කට අධික ප්‍රමාණයක් අධිශීතකරණය තුළ තිබු බව ආහාර හා ඖෂධ පරීක්ෂ කාර්යාලය පවසසයි.
අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂක ආනන්ද වේරගොඩ මහතා ඉදිරියේදී මේ කල් ඉකුත් වූ සොසේජස් තොගය අද දිනයේ (05) විනාශ කර දමන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.
http://www.dinamina.lk/2012/03/05/_art.asp?fn=u1203058
No comments:
Post a Comment