Monday, March 5, 2012

Public transport in the Southern Expressway (3 items)

දක්‍ෂිණ අධිවේගී මගට තවත් බස්‌රථ හයක්‌

අකිත පෙරේරා

දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගයට අලුතින් අධි සුඛෝපභෝගී පෞද්ගලික බස්‌රථ 6 ක්‌ යෙදවීමට රජය තීරණය කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය.

ඉන් බස්‌රථ 4 ක්‌ අද (සඳුදා) දිනයේදී යෙදෙවන අතර අනෙක්‌ බස්‌රථ දෙක ලබන බදාදා අධිවේගී මාර්ගයේ ධාවනයට එක්‌කෙරෙන බව හෙතෙම පැවසීය.

මෙම බස්‌රථවල ගමන් කරන මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය වන අතර වායුසමීකරණ යන්ත්‍රද ක්‍රියාත්මක කරවීම අනිවාර්ය කර තිබේ. මගීන් 40 කට වැඩියෙන් මෙම බස්‌රථයක රැගෙන යා නොහැකි බවද ඒ මහතා පැවසීය.

මේ අතර එම මාර්ගය භාවිත කරන්නන්ගේ පහසුව පිණිස ඉදිරියේදී විවේක ස්‌ථාන දෙකක්‌ පිහිටුවන බව කී රොෂාන් ගුණවර්ධන මහතා ඒවා මහරගම සහ ගාල්ලේ පිහිටුවන බවද වැඩිදුරටත් පැවසීය.


http://www.divaina.com/2012/03/05/news10.html


සැප බස්වල සැප සොයා බලති
අධිවේගෙට තවත් බස් 6ක්

ධනුෂ්ක ගොඩකුඹුර සහ නුවන් කොඩිකාර

මෙරට සියලුම මාර්ගවල ගමන් ගන්නා සුඛෝපභෝගි බස්රථවල ප්‍රමිතිය සොයා බැලීමට ගමනා ගමනා කොමිසන් සභාව තීරණය කර තිබේ.

දිනෙන් දින ලැබෙන මහජන පැමිණිළි හේතුවෙන් මෙම සොයා බැලීම සිදුකිරිමට තීරණය කළ බව ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා දිනමිණට පැවසීය.

කොළඹ- ගාල්ල සුඛෝපභෝගි බස්රථ හිමියන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා පෙරේදා (03) පැවැත් වු බව පැවසූ ඒ මහතා කොළඹ– නුවර සුඛෝපභෝගි බස්රථ හිමියන් සමඟද අද (05) සාකච්ඡා පවත්වන බව කීවේය. පිට පාළාත්වළ සිට කොළඹට පැමිණෙන සුඛෝපභෝගි බස් රථ බැස්ටියන් මාවතේදී පරීක්ෂාකර එහි ඇති අඩු පාඩු සකස්කර කඩිනමින් පෙන්වන ලෙස එම බස්රථවලට දැනුම් දෙන බව හෙතෙම කීවේය. ඇතැම් බස්රථ මාර්ගවල ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින බවත්, ඊට හේතුව දිර්ඝ කාලයක් නඩත්තුවකින් තොරව ධාවනය කිරිම බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය. මාර්ග සංවර්ධනය වීමත් සමඟ ඊට ගැලපෙන බස්රථ යෙදවිය යුතු බව පවසන ඒ මහතා ඒ මඟින් සංවර්ධනය කඩිනම් කළ හැකි බවත් සඳහන් කළේය.

මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහනය සඳහා නව බස්රථ හයක් යෙදවීමට ගමනා ගමන කොමිසන් සභාව තීරණය කර තිබේ. එහි මුල් බස්රථ හතර අද (05) අධිවේගී මාර්ගයේ පොදු ප්‍රවාහනය සඳහා යොදවන බව ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා ඊයේ (04) පැවසීය.

ඉතිරි බස්රථ දෙක ලබන 07 වැනිදා යෙදවීමට පියවර ගන්නා බවද හෙතෙම කීවේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට බොහෝ පිරිසක් උත්සහා ගන්නා බව පවසන ඒ මහතා ඊට පිළියමක් ලෙස නව බස්රථ යෙදවීමට පියවර ගත් බව ප්‍රකාශ කළේය.

සියලු පහසුකම් සහිතව නව බස්රථ යොදවන බව පවසන ඒ මහතා එම බස්රථ ආරක්ෂා කර ගැනීම ජනතාවගේ යුතු කමක් බව සභාපතිවරයා සඳහන් කළේය.


http://www.dinamina.lk/2012/03/05/_art.asp?fn=n1203054


Nod only for 12 buses on Expressway

Irangika Range

The National Transport Commission (NTC) will take legal action against owners of buses and other transport services which illegally transport commuters on the Southern Expressway, without obtaining route permits.

A NTC Spokesman said that only four private buses and seven Sri Lanka Transport Board buses are permitted to transport passengers on the Expressway.

The Commission has received several complaints regarding unauthorized operators who transport passengers, he said.

“All buses wishing to ply on the Expressway have to obtain special permission from the NTC which has the responsibility of ensuring that approved buses for highway travel, comply with strict safety and mechanical standards minimising the possibility of accidents on the route,” he added.

“We will take stern action against buses that travel without a transport permit and engage in transport services on the Southern Expressway which may inconvenience the public.”

He said that the IGP has been informed of this move.

http://www.dailynews.lk/2012/03/05/news54.asp

No comments:

Post a Comment