අනුර බාලසූරිය
මාස හයකට අධික කාලයක් වසා තිබූ මුහුදු බඩ මාර්ගයේ ගාල්ල, අලුත්ගම අතර දුම්රිය ධාවනය ලබන සඳුදා (19 දා) සිට නැවත ආරම්භ කෙරෙන බව දුම්රිය ගමනා ගමන අධිකාරි එල්. ඒ. ආර්. රත්නායක මහතා සඳහන් කළේය.
මාර්ග ප්‍රතිසංස්‌කරණ කටයුතු වෙනුවෙන් ගාල්ල සිට කළුතර දක්‌වා දුම්රිය ධාවනය අත්හිටුවූ අතර, දැනට වැඩ නිමවී ඇති ගාල්ල, අලුත්ගම, අතර කොටසේ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට සිදුකෙරෙනු ඇත.
ගාල්ල - අලුත්ගම දක්‌වා වූ කොටසේ අළුත්වැඩියා කටයුතු සඳහා එහි දුම්රිය ධාවනය පසුගිය වසරේ සැප්තැම්බර් මස 1 වැනිදා සිට මාස හයාමාරක පමණ වූ කාලයක් වසා තැබුණි.
අලුත්ගම, කළුතර දක්‌වා දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සඳහා පසුගිය ජනවාරි 1 වැනිදා සිට දුම්රිය ධාවනය අත්හිටුවා තිබෙන අතර එහි ප්‍රතිසංස්‌කරණ කටයුතු ලබන අප්‍රේල් මාසයේදී නිම කිරීමට නියමිතව තිබෙන බැවින් නියමිත දින වැඩ නිමවුවහොත් ඒ අතර දුම්රිය ධාවනය ලබන අප්‍රේල් 10, 11 වන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද ගමනා ගමන අධිකාරිවරයා සඳහන් කළේය.
මේ අනුව මුහුදුබඩ මාර්ගයේ මාතර සිට අලුත්ගම දක්‌වා දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙනු ඇත.
http://www.divaina.com/2012/03/16/news24.html
No comments:
Post a Comment