Friday, March 16, 2012

Henanigala incident (2 items)

හේනානිගල ආදිවාසී ගම්මානයේ "ගිනි විජ්ජුම්බරයක්‌""
- වනජීවී නිලධාරීහු සහ ආදීවාසීහු ගැටෙති

දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග, පෙළොන්නරුව - කරුණාරත්න ගමගේ, බෝගොඩ - රත්නායක සහ කරුණාරත්න පල්ලේගම



හේනානිගල ආදිවාසී ගම්මානයේ තරුණයකු වූ තලාවරිගේ සුනිලා (25) වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වීමෙන් පසුව ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී වාතාවරණය පාලනය කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සමග සාකච්ඡා කරන අයුරු.

දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග



වනජීවී නිලධාරීන් විසින් දෙහිඅත්තකණ්‌ඩිය හේනානිගල ආදිවාසී ගම්මානයේ තරුණයකුට වෙඩි තබා ඝාතනය කළේ යෑයි කියන සිද්ධියෙන් පසු තවත් ආදිවාසී තරුණයන් තිදෙනකු අතුරුදන්වී ඇති අතර මේ තත්ත්වය යටතේ ආදිවාසී ගම්මානය එකම ගාලගෝට්‌ටියක්‌ බවට පත්වී ඇත. ආදිවාසී පිරිස්‌ වනජීවී නිලධාරීන්ට පහර දීමට පැමිණීම නිසා මෙම කලහකාරී තත්ත්වය ඇතිවී තිබේ. 15 වැනිදා රාත්‍රියේ 12.30 ට පමණ හේනානිගල වනජිවී කාර්යාලය අසල මීටර් 300 ක්‌ පමණ දුරින් සිට වනජීවී නිලධාරීන් විසින් තබන ලද වෙඩි ප්‍රහාරයකින් හේනානිගල ආදිවාසී ගම්මානයේ තලාවාරිගේ සුනිලා (24) යන දෙදරු පියා මියගිය බවට ආදිවාසීහු චෝදනා කරති. එමෙන්ම මේ වන විට තවත් ආදිවාසීන් තිදෙනකු අතුරුදන් වී තිබේ.

එම තිදෙනා සොයා ගැනීමට පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

කලහකාරී තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා පොලිස්‌ නිලධාරීන් 150 දෙනකු ගෙන්වීමට අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල, මහඔය සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රියංකර ද සිල්වා, දෙහිඅත්තකණ්‌ඩිය පොලිස්‌ ස්‌ථානාධිපති ජයශාන්ත යන මහත්වරුන්ට සිදුවිය.

මෙම සිද්ධිය පිළිබඳ අදහස්‌ දැක්‌වූ දඹාන ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැඇත්තෝ කියා සිටියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආදිවාසී දිනය වාකරේ සමරද්දී අභය භූමියට ඇතුළු වීමට ආදිවාසීන්ට හැඳුනුම්පත් ලබාදුන් නමුත් මෙම සිදුවීම නිසා දැන් පෙනී යන්නේ රජය ආදිවාසී ජනතාව සම්පූර්ණයෙන් රවටා ඇති බවයි.

දෙහිඅත්තකණ්‌ඩිය වැඩ බලන මහෙස්‌ත්‍රාත් එස්‌. ඩී. කේ. එස්‌. සුමතිපාල මහතා විසින් මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වූ අතර අධිකරණ වෛද්‍ය නිලධාරි අනුරුද්ධ කොඩිතුවක්‌කු මහතා විසින් වෛද්‍ය පරීක්‍ෂණය සිදුකරන ලදී.

ප්‍රේමලාල් රණගල මහතාගේ උපදෙස්‌ මත පරීක්‍ෂණ සිදුකෙරේ.

http://www.divaina.com/2012/03/16/news11.html


Henanigala tense after Wild Life men kill poacher


By Norman Palihawadana

Police headquarters ordered additional police to Henanigala, Dehiattakandiya yesterday following the death of a person during a confrontation between Wild Life personnel and a group of poachers at around 12.30 a.m.

The police identified the dead person as Thalawarige Sunila (25).

Sources said that there had been at least four poachers at the time Wild Life personnel confronted them during a routine patrol. However, other sources said that the Wild Life personnel had opened fire about 300 meters away from their office at Henanigala.

The police are looking for three missing poachers, while senior officials met the vedda chief to discuss the situation.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=47547 

No comments:

Post a Comment