Saturday, March 17, 2012

විදුලිබල මණ්‌ඩල සේවකයෝ යළිත් සටනට රතු එළි දල්වති

ශිරාන් රණසිංහ

ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් ඇතුළු විධායක නිලධාරීන්ට පමණක්‌ යළිත් වැටුප් හා දීමනා වැඩි කළහොත් එතැන් පටන් විදුලිබල මණ්‌ඩල සමස්‌ත සේවකයන් ඊට එරෙහිව වෘත්තීය ක්‍රිsයාමාර්ග ආරම්භ කරන බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා "දිවයින" ට පැවසීය.

විදුලිබල මණ්‌ඩලයේ විධායක ශ්‍රේණිවල නිලධාරීන් එක්‌දහස්‌ පන්සියයකට පමණ යළි වැටුප් හා දීමනා වැඩිපුර ලබාදීමට විදුලිබල මණ්‌ඩල අධ්‍යක්‍ෂ මණ්‌ඩලයද මේ වනවිට අනුමැතිය පළකර ඇති අතර මහා භාණ්‌ඩාගාරය අනුමැතිය ඉල්ලා ඉංජිනේරුවරු මේ වනවිට වෘත්තීය ක්‍රියා මාර්ගවල නිරතව සිටින බවද ඒ මහතා පැවසීය.

ලංකා විදුලිබල මණ්‌ඩලය තුළ දහසය දහස්‌ නවසියයක්‌ පමණ සේවය කරන අතර විධායක ශ්‍රේණියට අයත් වන්නේ ඉංජිනේරුවන් හයසියයක්‌ සහ මානව සම්පත් අංශයේ නිලධාරීන් හා ගණකාධිවරු ඇතුළු නිලධාරීන් නවසියයක්‌ පමණ පිරිසක්‌ යෑයි ද රංජන් ජයලාල් මහතා කීවේය.

ලංකා විදුලිබල මණ්‌ඩලයේ එන් හය ශ්‍රේණියේ සිට ඉහළම තනතුර වන සාමාන්‍යාධිකාරී තනතුර දක්‌වා විශාල වැටුප් විෂමතා පවතින බවත් විධායක නිලධාරීන්ට පමණක්‌ තව තවත් වැටුප් හා දීමනා ලබාදී සාමාන්‍ය සේවකයා තවත් අසාධාරණයට ලක්‌ කිරීමට ඉඩ නොදෙන බවත් ජයලාල් මහතා පැවසීය.

විදුලිබල මණ්‌ඩලයේ සිටින ඉංජිනේරුවන් ඇතුළු විධායක නිලධාරීන් එක්‌දහස්‌ පන්සියයකට පමණක්‌ වැටුප් හා දීමනා ලබාදීමට අධ්‍යක්‍ෂ මණ්‌ඩලය ගත් තීරණයට විරෝධය පළකර මේ වනවිට ලිපියක්‌ ද යවා ඇතැයි ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා තවදුරටත් පැවසීය.


http://www.divaina.com/2012/03/17/news20.html

No comments:

Post a Comment