කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි
තුෂාරී කළුබෝවිල
මෙම මස අගදී අකුණු අනතුරු ඇරඹෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු ඇඟවීය.
ඉදිරි සති දෙකේදී අන්තර් මෝසම් කාලගුණික තත්ත්වය ස්‌ථාපිත වනු ඇති බවත් ඒ අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම ගිඟුරුම් සහිත වැසි, සුළං සමඟ අකුණු අනතුරු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥ අනුෂා වර්ණසූරිය මහත්මිය "දිවයින" ට පැවසුවාය.
බස්‌නාහිර, සබරගමු, දකුණ, මධ්‍යම පළාත්වල සවස් හා අලුයම් කාලයේදීත්, දිවයිනේ සෙසු ප්‍රදේශවල දහවල් හෝ දවසේ ඕනෑම වේලාවක වැසි, සුළං, අකුණු තත්ත්වයන් ඒ අනුව ඇතිවිය හැකි බව ඒ මහත්මිය කීවාය.
එබැවින් අකුණු අනතුරුවලින් ආරක්‌ෂා වීම සඳහා නිවෙස්‌වල අකුණු සන්නායක පද්ධති නිසි පරිදි සකස් කර ගැනීම, නිවෙස් අසල නිවෙස්‌වලට බරව පිහිටි ගස් අතු ඉවත් කිරීම වැනි දෑ කල් වේලා ඇතිව සිදු කළ යුතු බව වර්ණසූරිය මහත්මිය සඳහන් කළාය.
http://www.divaina.com/2012/03/16/news26.html
No comments:
Post a Comment