Monday, March 5, 2012

විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න

- රජය ඉල්ලීමක් කරයි

ස්වර්ණා විජේකෝන් සුභාෂිනි සේනානායක

බලශක්ති අර්බූදයට පිළියමක් ලෙස විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

බලශක්ති ප්‍රභවයන් පරිභෝජනය වැඩිවීම හේතුවෙන් විදුලිය වේගවත් ක්ෂයවීමකට පත්වන බවට පර්යේෂකයන් අනතුරු අඟවා ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඛනිජ සම්පත පවතින්නේ තවත් වසර කීපයකටයි. ගල් අඟුරු වසර 80 ක කාලයකටත් ගෑස් තවත් වසර 60 කාලයකටත් පවතින බවට පර්යේෂකයන් හඳුනාගෙන තිබේ.

අනාගතයේ දී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් බලශක්ති ලබාගැනීම කෙරේ වැඩි අවධානයක් යොමු කර ඇති බව පවසන අමාත්‍යාංශය විදුලිය පරිභෝජනය අවම කර බලශක්ති සංරක්ෂණයට සහාය වන ලෙසට ඉල්ලා සිටී.

රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 93%ක් මේ වනවිට සපුරා තිබේ. වැඩිපුර විදුලි පරිභෝජනය කරන පස්වරු 6.30ත් 9.30 අතර විදුලි පරිභෝජනය අවම කිරීමෙන් විදුලිය පිරිමැසිය හැකි බව පෙන්වා දෙන විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතා බලශක්ති සංරක්ෂණය පිළිබඳව දරුවන් දැනුවත් කිරීම උදෙසා පාසල් බලශක්ති සමාජ ඇරඹීමට පියවර ගෙන ඇති බවත් පැවසීය. මේ වනවිට දිවයින පුරා බලශක්ති සමාජ 96ක් පිහිටුවා ඇති අතර 40ක් ක්‍රියාත්මක කර තිබේ.


http://www.dinamina.lk/2012/03/05/_art.asp?fn=n1203055

No comments:

Post a Comment