Monday, March 5, 2012

වෙඩි වැදී මියගිය ඇතින්නකගේ මළ සිරුරක් නවගත්තේගමින් හමුවේ

මුන්නේශ්වරම සමූහ ඊ. සී. ප්‍රනාන්දු

වෙඩි වැදී මියගිය ඇතින්නකගේ මළසිරුරක් නවගත්තේගම කුරුකැටියාව සමෘද්ධි ගම්මානයේ කෙළවර වැටී සිටියදී පසුගිය 3 දා හමුවූ බව නවගත්තේගම පොලිසිය කියයි.

පොලිසියට අනුයුක්ත සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයකු ගම්වාසීන් ලබා දී තිබූ තොරතුරක් අනුව මේ වන අලි මරණය ගැන නවගත්තේගම පොලිසියට පැමිණිලි කර ඇත.

මේ දිනවල නවගත්තේගම ප්‍රදේශයට උග්‍ර කෑම හිඟයක් බලපැවැත්වෙන අතර, මේ නිසා කෑම සොයා වන අලින් ගම්වැදී මහත් වූ විනාශයක් සිදු කරනු ලබන බව ගම්වාසීහු පෙන්වා දෙති. ඒ අනුව ගම් වැදුණු මෙම ඇතින්නට කිසිවකු විසින් වෙඩි තබා ඇති බව විශ්වාස කෙරේ. එම ඇතින්නගේ මෘත ශරීරය පුරා වෙඩි සලකුණු කිහිපයක්ම දක්නට ඇති බවත්, පොලිසිය කියයි.

මේ වන අලි මරණය සම්බන්ධයෙන් කරුවලගස්වැව වන ජීවී කාර්යාලයට දැනුම්දී ඇති අතර, එම නිලධාරීන් පැමිණ ඊයේ (4 දා) මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ඇරැඹීමට නියමිතව තිබුණි. නවගත්තේගම පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරයි.


http://www.dinamina.lk/2012/03/05/_art.asp?fn=u1203056

No comments:

Post a Comment