වැල්ලවාය සමූහ - විජේරත්න හෙන්නායක
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා ඔය රණවරාව වැව ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර සියයකට අධික ප්‍රමාණයක් වසර තිහක පමණ කාලයක් පුරන්ව ඇතැයි එම ගොවි සංවිධානය පවසයි.
1964 වසරේ ප්රදේශවාසින්ගේ ඉල්ලීම අනුව ඉදිකරන ලද මේ වැවේ කණ්ඩිය 1983 වසරේ කැඩී යාමත් සමග එහි ගොවිතැන් ඇනහිට ඇත. ඌව පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් රුපියල් කෝටියක් වැය කොට වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කර තිබේ.
එහෙත් අනතුරුව එහි ඇළ මාර්ග පද්ධතිය සකස් නොවූ නිසා මෙලෙස කුඹුරු පුරන් වී ඇති බවත් රණවරාව ව්‍යාපාරයේ ‘ස්වශක්ති’ ගොවි සංවිධානයේ ලේකම් එල්.එම්. විමලසේන මහතා පැවැසීය. යථෝක්ත ඇළ මාර්ග සකසා දෙන මෙන් ගොවි සංවිධානය අවධාරණය කර සිටී.
http://www.dinamina.lk/2012/03/02/_art.asp?fn=r1203025
No comments:
Post a Comment